Jun
27
මහින්දගේ වේදිකාවට ගොඩවූ ඇමති දයාසිරිට හූ කියති

හිටපු ජනාධිපතිවරයා මැදිහත් වී ජනතාවගේ හූ කීම පාලනය කලද ඇමති දයාසිරි ටික වේලාවකින් හූ හඬ මැද යන්නට වේදිකාවෙන් බැස ඇත. එහිදී ජනතාව අතර සිටි එක් අයෙක් ‘ඔබට කොන්ද පණ තියෙනවාද’ යි අසද්දී කෝප වී ඇති ඇමති දයාසිරි එම පුද්ගලයා සමග ගැටුමකට යද්දී අසල සිටි තවත් පිරිසක් ඇමතිවරයාට පහර දීමට මෙන් වටකරගෙන ඇත.
එහිදී වහා මැදිවක්ව ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සාලින්ද දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් ඇමතිවරයා එක්කරගෙන ගොස් ඔහුගේ රියට නංවා පිටත් කර ඇත. ඔහු පිටත්ව යන තෙක් ජනතාව නොනවත්වා හූ තබා ඇත.
අනතුරව වේදිකාවේදී අදහස් පල කල එහි සිටි භික්‍ෂුන් වහන්සේ නමක් සදහන් කර ඇත්තේ එන මැතිවණරයකදී දයාසිරි ජයසේකර, ඉන්දික බණ්ඩාරනායක ආදීන්ට පඬුවස්නුවර පැත්තටවත් එන්න නොදෙන බවත් කෙසේ හෝ ඔවුන් පරාජය කරවන බවත්ය.
මුලාශ්‍ර - ලංකා සී නිවුස්