Aug 30

කුඩා දැරියකට දහම්පාසලේ වැසිකිළියේදි තරුණයෙක් කරපු කැත වැඩේ

බණ්ඩාරගම ප්‍රදේශයේ දහම් පාසලකට පැමිණි වයස අවුරුදු 06ක දැරියකට ජංගම දුරකථනයකින් වැසිකිළියක් තුලදී අසභ්‍ය ඡායාරූප පෙන්වූ තරුණයෙක් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා උපාධිධාරියෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බුලත්සිංහල, බොක්කේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු, දහම් පාසලට පැමිණි දැරියක් වැසිකිළියට ගිය අවස්ථාවේදී ඔහු එය තුලට ඇතුල්වී අදාල දැරියට ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දැරිය නිවසට පැමිණ ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත්කර ඇති අතර පසුව ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් දැනුවත් කර තිබෙනවා.

අනතුරුව විහාරස්ථානයේ සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකරු විනාඩි 45ක පමණ කාලයක් විහාරස්ථාන භූමියේ රැදී සිට ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

සක්කාර තරුණය ඉකුත් ඉරු දිනද මේ ආකාරයෙන්ම විහාරස්ථාන භූමියේ වැසිකිළිය අසල රැදී සිට ඇති අතර එහිදී දෙමව්පියන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබෙනවා.

පොලිසිය විසින් සැකකරු පරීකෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී කාන්තාවකගේ හැඳුනුම්පතක් සහ උපත්පාලන උපකරණ දෙකකද පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීම් වලදී සැකකරු යට ඇඳුම් පවා ඇඳ නොසිටි බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී පවසා ඇත්තේ ශාරීරික අවශ්‍යතාවයක් සඳහා තමන් විහාරස්ථානයට පැමිණි බවයි.

අත්අඩංගුවට ගත් උපාධිධාරී තරුණයා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.