Aug 04

හර්ෂණයි මායි අලුත් වැඩකට ඇත ගැහුවා

මේ දිනවල ‘සිරස’ රූපවාහිනී නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණාගේ ‘පැහැසරා’ ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවන වොල්ගා කල්පනී අපි සම්බන්ධ කරගත්තෙමු.

සිය සැමියා සමගින් මේ දිනවල අලුත්ම ව්‍යාපාරික කටයුත්තකට මුල පුරා සිටින ඇය ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙසේ අප සමග අදහස් දැක්වුයේමු.

අලුත් ව්‍යාපාරික කටයුත්තකට අතගහලා කියලා ආරංචියි?

ඔව්, මමයි මගේ සැමියා හර්ෂණයි දෙන්නා එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. එහි නම තමයි ‘වොලන්රෝ’ ප්‍රඩක්ෂන් ආයතනය. මේ ආයතනය හරහා බොහෝ දුරට සිදුවෙන්න ඉවෙන්ට් කවර් කිරීම. ඊට අමතරව මියුසික් වීඩියෝ, ටී.වී. කොමර්ෂල්, ඩ්‍රාමා ප්‍රඩක්ෂන් යන දේවල් සිදු කරනවා. දැනට සති දෙකක කාලයක් වෙනවා මේක අපි දෙන්නා පටන් අරගෙන. දැනට අපි වෝටර් කොම්පැනි එකක් එක්ක ඔවුන්ගේ ප්‍රඩක්ෂන් වැඩ කරනවා. තවත් වැඩ කිහිපයක්ම අපිට ලැබිලා තියෙනවා.

වොල්ගත්, හර්ෂණත් දෙන්නම පසුගිය දිනවල අසනීප වුණා නේද?

ඔව්, ඩෙංගු උණ හැදුණා. මාසයක් විතර අපි දෙන්නම කලා කටයුතුවලින් ඉවත් වෙලා හිටියා මේ අසනීප තත්ත්වය නිසා. අපි භාරගත්ත වැඩ කිහිපයක්ම මේ නිසා නැවතුණා. නමුත්, ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු වගේම සහෝදර රංගන ශිල්පීන්, ශිල්පිනියන් අපි අසනීප වුණ වෙලාවේ අපිත් එක්ක නිතරම හිටියා. ඔවුන්ගෙන් උදවු උපකාර ගොඩක් ලැබුණා. මේ වෙලාවේදී ඒ හැම දෙනාටම ස්තුති කරන්න ඕන.

 එක දිගට වැඩ කරපු නිසා මේක පුංචි විවේකයක් වුණා කිව්වොත් හරි?

ඔව්, ඩෙංගු හැදෙන්න කලින් මාත් හර්ෂණත් එක දිගට වැඩ කළා. ටෙලි නාට්‍යය වගේම චිත්‍රපටවලත් වැඩ කළා. ඩෙංගු රෝගය හැදුන නිසා පුංචි විවේකයක් ලැබුණා අපි දෙන්නටම. දැන්නම් සියයට සියයක් අපි දෙන්න පූර්ණ සුවය ලබලා තියෙන නිසා ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. ව්‍යාපාරික කටයුත්තක් මේ කාලයේදීම විවෘත කරන්න අපි දෙන්න හිතුවෙ ඒ නිසයි.

මේ දිනවල වොල්ගා කලා කටයුතුවලට දායක වෙනවද?

සිරස රූපවාහිනියේ විකාශය වන සඳුන් රාජකරුණා මහත්මයාගේ ‘පැහැසරා’ නාට්‍යයේ රූපගත කිරීම් කටයුතුවලට දායක වෙනවා. ඊට අමතරව හර්ෂණත්, මාත් පෙනී සිටින ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ‘හිරු වියන’ කියලා අලුත්ම ටෙලියක වැඩ කරනවා. ‘හිරු වියන’ ටෙලියේ රූපගත කිරීම් කටයුතු අරඹන කොටම තමා මාත්, හර්ෂණත් අසනීප වුණේ. මා දායක වන තවත් කලා කටයුතු කිහිපයක් ආගෝස්තුවේදී ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා.

වොල්ගාගේ චිත්‍රපටයකුත් එන්න තියෙනවා?

ඔව්, අර්ජුන් කමලනාත් මහත්මයාගේ ‘කුණාටුවේ මාරයා’ කියන චිත්‍රපටය. දැනට මෙහි වැඩ කටයුතු සියල්ල නිමාවෙලා තියෙනවා. බොහෝ විට මෙය නුදුරේම තිරගත වේවි කියලා හිතනවා. මෙහි හර්ෂණත් මා සමගින් රංගනයේ යෙදෙනවා.

- සාරවිට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.