Jun 29

මම ලසිත් මාලිංගගේ නම කිව්වේ නෑ

තමන් අමාත්‍යවරයා ලෙස කිසිදු ක්‍රීඩකයෙකු ඉලක්ක කරගෙන  කිසිදු කතාවක් නොකී බවත්, යම්යම් අය තොප්පිය දාගත්තාට තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (28දා) පැවසීය.

තමන් කොන්ද කෙලින් තබාගෙන අදහස් පළකිරීම සම්බන්ධව ප්‍රශංසා කර විදේශ රටවලින් පණිවිඩ ලැබුණු බවත්, තමන්ට චෝදනා නොකර ක්‍රීඩකයන් අවශ්‍ය කටයුතු කළේ නම් ගැටලුවක් ඇති නොවන බවත් හෙතෙම පවසා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

“මම කිසිදු ක්‍රීඩකයෙක් අල්ලා ගෙන ප්‍රකාශයක් කළේ නෑ. කිසිම අවස්ථාවක මම ලසිත් මාලිංග ක්‍රීඩකයාගේ නම සඳහන් කළෙත්  නෑ. වෙනත් ක්‍රීඩකයෙකුගේ නමක් සඳහන් කළෙත් නෑ. ඇන්ජලෝ මැතිව්ස් ගැනත් එවැනි ප්‍රකාශයක් ගිහින් තිබුණා. මම ඒ ගැන ගොඩක් කනගාටු වුණා. මේක පෞද්ගලිකව ක්‍රීඩකයොත් එක්ක මගේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සුසන්තිකා මහත්මිය ගැනත් ඒ විදියටම තමයි කියන්න  තියෙන්නෙ. හැබැයි ක්‍රීඩාවේ යම් දේවල් කරන්න හදනකොට මේක ඇතුළෙ යම් ප්‍රශ්නයක් උද්ගත වුණා. සමහර කට්ටිය කැමැති නැහැ මේවාට අතගහලා කරනවට.

ලංකාවේ ෆිට්නස් ගැන මම කතාකරපු කාරණය යථාර්ථවාදී කතාවක්. ඒ සම්බන්ධව රිපෝට් තිබෙනවා. ඇත්ත තත්ත්වය ඕනෑම කෙනෙකුට ගෙනැල්ලා පෙන්වන්න පුළුවන්. මම එතැනට යන්නෑ. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම දක්ෂයි. හැබැයි ෆීට්නස් ටික හදාගත්තොත් ඔවුන්ට දියුණු කර ගන්න පුළුවන් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒකට කවුරුහරි උසිගන්නවලා තමයි ලසිත් මාලිංග ක්‍රීඩකයා මේ ගැන කතාකරලා තිබුණෙ. මම ඒ ගැන කනගාටු වෙනවා.

ඔහුට ඒවගේ ප්‍රකාශයක් කරන්න බැහැ. ඔහුට ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක ගිවිසුමක් තිබෙනවා. ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි. පාලක මණ්ඩලය තමයි ඔහුට විරුද්ධව එම තීරණය අරන් තියෙන්නෙ. ඇ

ඇත්තටම ඔහු තරගාවලියට ක්‍රීඩාකරන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබුණේ. නමුත් අපි කැමැති නැහැ ඒ වැඩේ කරන්න. මොකද ඒකේ අවසාන දෝෂාරෝපණය එන්නෙ ක්‍රීඩා ඇමතිවරයාට. ඒකට මැදිහත්වෙන්න මම කැමැති නැහැ. ඒ නිසා මම කිව්වා ඔහුට ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න කියලා. අපට අනාගතයේදී පුළුවන් ඒවා සලකා බලලා තීන්දු ගන්න.

ඊයේ (27දා) මම පැය දෙකක් පමණ ක්‍රිකට් ආයතනයේ ෆිට්නස් පුහුණුකරුවන් සියලු දෙනා එක්ක සාකච්ඡා කළා. අපි එකඟතාවකට ආවා ඉදිරි කාලයේ ක්‍රීඩා විද්‍යායතනය හරහා සියලු ක්‍රීඩකයන්ගේ දත්ත තොරතුරු මත ඉදිරි කටයුතුවලට යමු කියලා. මේවා අවුරුදු ගාණක් කරපු දෙයක් නෙවෙයි. තව මාස තුනකින් අපි තව ටෙස්ට්  එකක් කරලා බලමු කිව්වා.

මේ ටික හදාගෙන ගියොත් ලංකාවේ කණ්ඩායමට හොඳ තැනකට එන්න පුළුවන්. ක්‍රීඩා විද්‍යායතනය හරහා එන වාර්තාව නැත්නම් මම අත්සන් කරන්නෑ. ලසිත් මාලිංගට තරග තහනමක් පනවන්න සූදානමක් තිබුණෙ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් ගියාම පළමුවෙන්ම සිදුවන්නේ තරග තහනමක් පැනවීම තමයි. නමුත් එතැනට යන්නැතිව ඊට මෙහා ඉඳන් මේ ප්‍රශ්නය විසඳගන්න අපි බලන්නේ. මේක සමහරවිට වැරදි ආකල්පයෙන් වෙන්නැති එතුමා කරන්නෙ.

මම සූදානම් නැහැ එතැනට යන්න. අපට ලසිත් මාලිංග වටිනා ක්‍රීඩකයෙක්. ඔහුගේ ප්‍රකාශ ගැන මට වෙනම ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් රටට අවශ්‍ය ක්‍රීඩකයෙක්. ඇමතිවරයා විදියිට මම කිසිදු ක්‍රීඩකයෙක් අල්ලාගෙන කිසිම කතාවක් කිව්වේ නෑ. ඒකට ඔවුන් උත්තර දෙන්නැතිව වැඩකටයුතු ටික හරියට කළානම් මේ ප්‍රශ්න පැනනගින්නෑ.

මේ කතාව ඇත්තද නැද්ද කියලා මේ රටේ සියලු දෙනා දන්නවා. පිටරටිනුත් මට විශාල මැසේජ් වගයක් එවලා තිබුණා කොන්දක් තියෙන එක ගැන සන්තෝෂ වෙනවා කියලා. තොප්පිය දාගෙන සමහරු තමන්ට කියනවා කියලා හිතනවානම් ඒක වැරදියි.

ක්‍රීඩා පනත අනුව පිටරටක් එක්ක තරග කරන කණ්ඩායමකට අවසාන අනුමැතිය දෙන්නේ ක්‍රීඩා ඇමතිවරයා. මේ වනවිට හැම තේරීම් කමිටුවකම තීරණය අපට එවන්න ඕන. හැම ක්‍රීඩා සංගමයකට කිව්වා නිර්ණායක හදන්න කියලා. මීට පස්සේ ඕනෑම ක්‍රීඩකයෙකුට අහන්න අයිතියක් තිබෙන්න ඕන මාව තේරුණෙ නැත්තේ මොකද කියලා අහන්න. මීට කලින් නිර්ණායක තිබුණෙ නෑ. තෝරගත්තේ කොහොමද කියලා දන්නෑ. නමුත් මින් ඉදිරියට මං මෙච්චර දක්ෂතාවක් තිබියදී තේරුණෙ නැත්තේ මොකද කියලා අහන්න ක්‍රීඩකයෙකුට හැකියව ලැබෙනවා" යනුවෙන් පවසා සිටියේය.

- අද
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.