Jun 15

පාකිස්තාන තරගය පැරදුනේ උඩපන්දුව අතහැරනු නිසා නොවේ (video)

ක්‍රිකට්‌ ක්‍රීඩාව යනු කුමක්‌ද කියා බුද්ධිමත් ජනතාව දන්නා බවත් එහිදී බුද්ධිමත්ව සිතා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගැන සටහන් කළ යුතු බවත් ලසිත් මාලිංග පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලි පරාජයෙන් පසුව දිවයිනට පැමිණ ක්‍රිකට්‌ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ලසිත් මාලිංගගේ පන්දු ඉදිරියේදී උඩපන්දු අතහැරීමෙන් තරගය පරාජය වූවාදැයි විමසන ලදුව මාලිංග පවසා සිටියේ, ''මමත් ඕන තරම් උඩපන්දු අතහැරලා තියෙනවා. මම මැච් එකකදී කඩුලු පහක්‌ ගත්තොත් කවුරුත් චම්පක සර් ගැන කතා කරන්නෙ නැහැ. හැබැයි නොගත්තොත් මට බණිනවා. පන්දු රකින්නන් කියන්නෙ අවදානමක්‌ නැතිම අය. මගේ බෝලයකට කවුරු හරි උඩපන්දුවක්‌ අල්ලගෙන කඩුල්ලක්‌ ගත්තහම කතා කරන්නෙ උඩපන්දුව ගත්ත එක්‌කෙනා ගැන නෙමෙයි මම ගැනයි. හැබැයි උඩපන්දුව අතහැරියාම ඔහුට බණිනවා. කවුරු උඩපන්දු අතහැරියත් පන්දු රකින පුහුණුකරුවන්ට බැණල වැඩක්‌ නැහැ. ක්‍රිකට්‌වල ඇත්ත මේක තමයි. ඒ නිසා කවුරු මොනව කිව්වත් බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට්‌ කියන්නෙ මොකක්‌ද කියලා. ඒ නිසා බුද්ධිමත්ව හිතල ක්‍රීඩකයන් ගැන ලියන්නත් ඕන.'' යනුවෙනි.

තමාට කිසිම කලකිරීමක්‌ නැති බවත් අවස්‌ථාවක්‌ ලැබුණොත් 2019 ලෝක කුසලාන ක්‍රීඩා කරන බවත් මාලිංග පවසයි. ''මට දැන් වයස 33 යි. ඉස්‌සර වගේ මට දැන් ලොකු දේවල් කරන්න බැහැ. සමහරවිට මම තරග දිනවන පන්දු යවන්නෙක්‌ නොවෙන්න පුලුවන්. මෙතන ඉන්නවා සභාපති, නායකයා සහ තේරීම් කමිටුව. ඒ අය මට අවස්‌ථාවක්‌ දුන්නොත් 2019 ලෝක කුසලානයටත් යනවා.''

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.