Feb 08

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට “ඉන්ටසිටි රෙස්ට් හවුස්” තිත්ත ඈත්ත මෙන්න

පසුගිය පෙබරවාරි පස්වන ඉරුදින ගම්පහ නගරයට ටියුෂන් එන අතරේ නගරයේ විවිධ ස්ථානවල පෙම් සුව විදිමින් සිටි තරුණ ජෝඩු අසූවක පමණ ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානයේ දී පැවැත් වූ උපදේශනාත්මක වැඩ සටහනකින් පසු ඔවුන් මුදාහළ බව ලක්බිමට පුවත්පත වාර්තා කොට තිබිණ.
 
මේ සම්බන්ධයෙන් පොලිසිය ඉටු කළ කාරියෙහි නිත්‍යානුකූල භාවය කෙසේ වෙතත් පොලිසිය මෙහි දී එම තරුණ තරුණියන් හමුවේ කිසියම් ‘වැඩිහිටි භූමිකාවක්’ ඉටු කොට ඇති බව පැහැදිලිය. එමෙන්ම ගම්පහ ටියුෂන් මුල්කොට දැනට බිහිවෙමින් පවතින ලිංගික උප සංස්කෘතිය කිසියම් පාලනයකට නතු කිරීම අප සමාජයේ සදාචාර මට්ටම රැක ගැනීමට බෙහෙවින් ඉවහල්වන බව කිව යුතුය. හුදෙක් නීතිමය පදනම ඉක්මවා ගම්පහ පොලිසිය විසින් සිසු පෙම්වතුන් පෙම්වතියන් සඳහා පැවැත්වූ මෙම ක්ෂණික උපදේශන වැඩමුළුව හෙවත් ටියුෂන් පන්තිය සෘජු  දෝෂ දර්ශනයකට ලක් කළ නොහැක්කේ එබැවිනි.

ගම්පහ ටියුෂන් පෙම්වතුන් පෙම්වතියන් හට පමණ ඉක්මවන නිදහසක් භුක්ති විඳීමට ඉඩ දී ගාස්තු අය කරන ගම්පහ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි අවහන්හල් කිහිපයක් පිළිබඳව අපි මීට ඉහත විස්තර කළෙමු. ඊට අමතරව මීට කලකට ඉහත ප්‍රසිද්ධියේම මෙම ජාවාරම කළ ‘සයිබර් කැෆේ’ එකක් ගම්පහ නගරයේ ජා ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය ආදී ගමනාන්ත සඳහා බස් රථ නවතා තැබෙන බස් නැවතුම් පලේ තිබිණ. එහි දී අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම පිණිස එහි ඇති ඝණ චතුරස්‍ර (Cube) තුළ පෙම්වතුන් සහ පෙම්වතියන් හට අර්ධ ලිංගික හැසිරීම් වලට ඉඩකඩ සලසා දුන් එම ආයතන හිමියා ඒ සඳහා එම සිසු සිසුවියන්ගෙන් මුදල් ලබා ගත්තේය. අවසානයේ මෙම ජාවරම පිළිබඳව එම ගොඩනැගිල්ලේ සෙසු ව්‍යාපාරිකයන් අතර මෙන් ම එම බස් පොලේ බස්රථ රියදුරන් සහ කොස්දොස්තරවරුන් හට දැන ගන්නට ලැබී ඇත. මේ පසුබිම යටතේ මේ සම්බන්ධයෙන් ගම්පහ හිටපු නරාධිපති එරංග සේනානායක මහතාට ද නිරන්තර ව පැමිණිලි යොමුවීම මත පොලිසියේ ද සහාය ඇති ව මෙම ස්ථානය පරික්ෂා කරන ලදී. එහි දී සයිබර් කැෆේ එකක් ලෙසින් පවත්වාගෙන ගිය මෙම ස්ථානය තුළ එබඳු අයථා ක්‍රියා සිදු කරන බව මනාව තහවුරු කර ගත හැකි විය. කෙසේ හෝ  ඉන්පසුව සයිබර් කැෆේ එකක් නමින් පවත්වාගෙන ගිය එම කූට ජාවාරම තව දුරටත් ගෙන යාමට නොහැකි වූ එහි හිමිකරුවෝ එය වසා දැමූහ.

 අගනුවර සිට ගම්පහ තෙක් ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී බස් රථ සේවාව දැන් දක්නට ඇත්තේම නැත. නොයෙකුත් හේතූන් මත මීට වසර කිහිපයක සිට එය පරිහානියට ගොසිනි. ඒ සඳහා ගම්පහ සිට අගනුවර දක්වා සවිමත් දුම්රිය සේවයක් පැවතීම, නගරාන්තර බස් රථ වලට සාපේක්ෂව ගම්පහ - කොළඹ සාමාන්‍ය බස් රථ වැඩි ප්‍රමාණයකට මාර්ග බලපත්‍ර ලබා දීම ආදී හේතු කිහිපයක් ඉදිරිපත් වී ඇත. එහෙත් ඒ හා සම්බන්ධ ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය හා සබැඳුණු අප්‍රසන්න රහසක් ද තිබේ. එ‍නම් එවක කොළඹ සහ ගම්පහ අතර ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී බස් රථ අතුරින් කිහිපයක් තුළ මෙම ටියුෂන් සිසු සිසුවියන් සඳහා අනඟ සුව පහසුකම් සැලසීමය.

මෙහිදී මෙම බස්රථ නියමිත ගමන් වාරය සඳහා ගම්පහ බස් නැවතුම්පලට පැමිණීමට පෙර ගාල් කොට තබා ඇති ස්ථාන වල දී ඉතා රහසිගත අයුරින් පෙම්වතුන් යුවලකට හෝ දෙකකට අනඟ සුව පහසුකම් සැලසීම සිදු කොට තිබේ. පැය භාගයක් හෝ පැයක කාලයක් තුළ එම පහසුකම සැලසීම වෙනුවෙන් බස් රථ සේවකයන් එම පෙම්වතුන් පෙම්වතියන් ගෙන් රුපියල් සියයක් - දෙසීසක් අතර මුදලක් අය කොට ති‍බේ. මෙය එම නගරාන්තර බස් රථවල ගමන්වාර නොමැති අවස්ථාවල බස් රථ සේවකයන් කිහිප දෙනෙකු ගේ අතිරේක ආදායම් මාර්ගයක් වූ බව නිසැකය. එමෙන්ම එම නගරාන්තර බස් රථ බොහොමයක දෙපස කළු වීදුරු සවි කොට තිබීමත්, එම කවුළු සඳහා ජනෙල් රෙදි යොදා තිබීමත් නිසා අනඟ සුව විදීමට කැමති පෙම්වතුන්ට මෙය තාවකාලික තානායමක් වූ බව පෙනේ. එහෙත් බස් රථ සේවකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද මෙම අයතා ජාවාරම නිසා පසුව කොළඹ - ගම්පහ නගරාන්තර බස් රථ වල ගමන් කිරීමට සාමාන්‍ය ජනතාව තුළ පිළිකුලක් පැන නැගීමද මෙම බස්රථ සේවයේ පරිහානියට හේතු වූ බව මෙම විමසුමේ දී අපට දැනගත හැකි විය.

ප්‍රසංග පෙරේරා - ලක්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.