Feb 24

සීගිරි ගිය සුද්දන්ට බැද්දට යන්නැයි කියයි සුද්දන් රටටම කොචොක් කරයි

ශ්‍රී ලංකාවේ 30 වසරක යුද්ධයකින් පසු සංචාරකයන් බහුලව පැමිණෙන රටක් බවට පත් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැපයිමටත් සියලු අංශ ඒකාබද්ධ කොට සමස්ථ සංචාරක වැඩපිළිවෙළක් එවකට රජයේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ලදී.

විදේශීය සංචාරකයින් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එකව සංවිධානය කල අතර ලංකාවට පැමිණෙන සංචාරකයින් හරහා ලොව වටා ශ්‍රී ලංකාවේ වැදගත්කම සංග්‍රහශිලිත්වය මෙන්ම රට ගැන ධානාත්මක අදහසක් විදේශික සංචාරකයින් හරහා ලොවට ගෙන යෑම එහි ප්‍රධාන අරමුණ විය.

විශේෂයෙන්ම මධ්‍යම සංස්කෘතියට අයත් සංචාරක ආකර්ශනය කරන ස්ථානල උද්භිත උද්‍යාන මෙන්ම පින්නවල අලි අනාථාගාරය ඇතුළු වනජීවි ආශ්‍රිත උද්‍යාන මෙන්ම සංචාරකයින්ට අවශ්‍ය තෑගි හා සැමරුම් භාන්ඩ අලෙවියට අවශ්‍ය පහසුකම් ද ආර්ථික සංවර්ධනය කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධිකරණ හරහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරුනි.

මෙම සෑම ස්ථානයකම සංචාරකයින්ට අවශ්‍ය සනිපාරක්ෂක පහසුකම් ඉතා ඉහළ මට්ටමින් දියුණු කිරිමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වුන අතර ඉතා ඉහළ මට්ටමේ වැසිකිලි පද්ධතියක් ඒ සැම වැදගත් ස්ථානවල ඉදිකරන ලදී.

එහෙත් කනගාටුවට කරුණ නම් ඒ ඉතා ඉහළ තත්ත්වයකින් ගොඩ නැගු වැසිකිලි පද්ධති අද වනවිට නඩත්තු කිරීම් පවා අඩපණ වී ඇති බව සීගිරියේ ගිය විදේශීය සංචාරකයින් විසින්ම මාධ්‍ය වෙත ප්‍රකාශ කිරිම අපේ රටේ කීර්තියට මෙන්ම සංචාරක ප්‍රවර්ධනයට මිල කල නොහැකි පාඩුවකි. එහිදි එක විදේශීය සංචාරකයකු පවසන්නේ මේ රටත් ඉන්දියාව වගේ කියලයි. එනම් ඉන්දියාව ඉතාම අපිරිසිදු නිසාය.

ඇමති අකිල විරාජ් මෑතකදී කියා සිටියේ සංචාරකයින්ගේ පහසුව තකා සීගිරියට විදුලි කාර් හා විදුලි සෝපාන ආරම්බ කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.