Feb 10

මැර තර්ජන නිසා නෙත් fm බැලුම්ගල ප්‍රධානියා නිලූප සංජය අතුරුදන්..

නෙත් එෆ් එම් නාළිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ බැලුම්ගල වැඩසටහනේ ප්‍රධාන නිවේදකයා මෙන්ම ප්‍රධානියා ලෙස ද කටයුතු කළ නිලූප සංජය ලියනගේ නෙත් එෆ් එම් අතහැර ගොස් ඇතැයි වාර්ථා වේ.

බැලුම්ගල වැඩසටහන නිසා දිගින් දිගටම එල්ල වූ මරණීය තර්ජන හමුවේ ඔහු සිය තනතුර මෙන්ම ගම්බිම් ද අත්හැර ගොස් ඇති අතර නෙත් එෆ් එම් ආරංචි මාර්ග සදහන් කරන්නේ සේවයෙන් ඉවත් වන බවට ඔහු කිසිදු නිළ දැනුම් දීමක් කර නොමැති බවයි.නිලූප සංජය පදිංචිව සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසින්ද ඔහු ඇතුළු පවුල අතුරුදන්ව ඇත.

මාධ්‍ය සංවිධාන සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරන්නේ දේශපාලන රැකවරණ පතා ඔහු කෙටිකාලයක් සදහා ස්විට්සර්ලන්තය වෙත ගොස් ඇති බවයි. බැලුම්ගල වැඩසටහන නිසා ඇතිවී තිබෙන තර්ජන පිලිබද ඔහු විසින් පොලිස් පැමිණිලි කිහිපයක්ද ගොනු කර ඇති අතර එම විමර්ෂණ මෙතෙක් හමාර වී නොමැත.

දළදා මාලිගාවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම පසුගිය රජයට සමීප දැන්වීම් නියොජිත ආයතන ප්‍රධානියෙකුගේ විවාහ මංගලෝස්ත්සවයදී පසුගියදා ඔහු අවසාන වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති අතර එහිදී රජයට සමබන්ධ මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකු ඔහුට උපදෙස් දී ඇත්තේ පොලිසියට පැමිණිලි කර විසදාගත නොහැකි ගැටළුවක් ඇත්නම් ජනාධිපතිවරයා මුණ ගැසී විසදාගන්නා ලෙසයි.

යහපාලන රජය සමයේ කිසිදු මාධ්‍යවේදියෙකු දේශපාලන රැකවරණ පතා විදෙස්ගත වී නොමැති අතර එය එසේ වුවහොත් වත්මන් රජය ද අපහසුතාවයට පත්වන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය රජය සමයේ දේශපාලන ඝාතනයකට සම්බන්ධව මේ වන විට මරනීය දණ්ඩනය හිමිව සිටින පාතාල නායකයෙකුගෙන් එල්ල වී ඇති මෙම තර්ජනය පිලිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වඩා ජීවිතය බේරාගැනීමට වැඩි අවධානයක් යොමුකරන බවයි. සේවය හැර යනවිට බැලුම්ගල සම්බන්ධ වගකීම්වලින් පූර්ණකාලීනව ඉවත්ව සිටි ඔහු නෙත් එෆ් එම් ඩිජිටල් මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

තමා මුහුන පා ඇති අවධානම් තත්වය පිළිබද අවස්ථා ගනනාවකදී දැනුවත් කළ ද බැලුම්ගල වැඩසටහනින් පාතාල ලෝකය පිළිබද කළ අනාවරණයන් අත්හිටුවීමට කළමණාකාරීත්වය පියවර නොගැනීම හමුවේ තමන් බරපතල අවධානමකට මුහුණ දීම නිසා නෙත් එෆ් එම් අතහැර යාමට තීරණය කළ බව ඔහු පවසා ඇත.

මේ අතර ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන්නේ නුදුරු දිනකනදී ආරම්භ වන මහබැංකු අධිපතිවරයාගේ බෑනනුවන්ට අයිති මාධ්‍ය ආයතනයක තනතුරක්ද ඔහුට පිරිනමා ඇති බවයි.

 - ලංකා සී නිවුස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.