Feb 14

සල්මන් වටේ තැවරෙන්න ලැබිමෙන් මගේ ජීවිතේ වෙනස් වුණා

ජැකලින් ෆර්ඩිනැන්ඩස් ලංකාවෙන් ගිහින් බොලිවුඩය දිනූ තාරකාව. ඉන්දියාව තුළ ඉහළම ආදරයට පාත්‍ර වී සිටින ඇය සමග රෝයි මුවී යූ ටියුබ් නාළිකාව සිදුකර තිබුණු අලුත් සාකච්ඡාව සිංහල අනුවාදය මෙලෙස පෙළගැසෙනවා.


ළමා කාලය ගැන ඔබේ මතකයෙන් කතාබහ පටන් ගනිමු?

මම ඉපදුණේ පවු‍ලේ බාලම ගෑනු ළමයා හැටියට. මට ඉතාම හොඳ ළමා කාලයක් තිබුණා සහෝදරවරු එක්ක ගතකළ. පාස‍ලේ දී මම කැමැත්තෙන්ම ඉගෙන ගනිපු විෂය ප්‍රංශ භාෂාව. අවුරුදු 7 දී තමයි මට ටී.වී. එකේ පෙනී ඉන්න ඕන කියන පිස්සුව ඇතිවුණේ.

ඔබ නිරූපණ ශිල්පිනියක් විදියට කරළියට ආපු මුල් කාලය ගැන?

ඒ මීට අවුරුදු ගණනාවකට කලින් මම පාසල් අධ්‍යාපනය ලබමින් ඉඳපු කාලෙදියි. මුලදි වැඩිපුරම මම මොඩ්ල් කෙනෙක් වෙන්න කැමැති වුණේ ‘මුදල්’ කියන කාරණාව ගැන හිතලා. මොකද ඉගෙන ගන්න අතරේ මොඩ්ල් කරන්න ගිය එකෙන් මට ‍පොකට් මනි හැටියට ලොකු මුදලක් ලැබුණා. ඇත්තටම අවුරුදු 16 වෙනකොට මම මගේ සල්ලිවලින් එළියට ගිහිල්ලා මට ඕන දේවල් මිලදී ගන්න පුළුවන් තත්ත්වයක හිටියා.

ලංකාවේ ඔබ ගතකළ ජීවිතය ගැන කියන්න කැමැත්තක් නැද්ද?

මම නිරූපණ කටයුතු කරමින් ඉඳපු කාලයේ දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. නිළියක් වීමේ හීනයක් මට තිබුණා. ඒ නිසා ඒ කා‍ලේ ඇත්තටම මම හිතුවා නිළි හීනයට මාව ගෙනියන පඩිපෙළක් තමයි ‘මිස් ශ්‍රී ලංකා’ කියන්නෙ කියලා.

ශ්‍රී ලංකාවේ සිටිත්දී ඔබ නිරූපණය හැර වෙන මොනවද කළේ?

මම රස්සාවක් කළා. රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදිනියක් හැටියට වැඩ කළා. මම විවිධ පුද්ගලයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඒවා වාර්තා කළා.

දැන් ඔබට සම්මුඛ සාකච්ඡාවක් කරන්න ඉඩක් ලැබුණොත් කාවද තෝරගන්නෙ?

අගමැති මෝදි. ඊළඟට අමිතාබ් බච්චන්.

එතකොට ඔබ බොලිවුඩයට පය තියපු හැටි?

රූපවාහිනී මාධ්‍යවේදිනියක් හැටියට වැඩ කරමින් ඉඳිත්දී මට දැන්වීම් ඒජන්සියකින් දුරකථන ඇමතුමක් ආවා. ඔවුන් මගෙන් ඇහුවා ‘අමිතාබ් බච්චන්’ රඟපාන චිත්‍රපටයකට රඟපෑමෙන් දායක වෙන්න කැමැතිද කියලා. ‘අමිතාබ්’ කියන්නේ ඒ කා‍ලේ මට යෝධ නළුවෙක්. දෙන්න ඕන උත්තරේ මට හිතාගන්න බැරුව ගියා.

ඒ වෙලාවේ ඔබ මොකද කළේ?

මම කෙළින්ම මගේ තාත්තට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා අමිතාබ්ගේ හොඳම රසිකයෙක්. ඒ ආරංචිය තාත්තාටත් හරිම පුදුම එකක් වුණා. ඇත්තටම අපට ඒ යෝජනාව ගැන දෙපාරක් හිතන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ.

අමිතාබ් එක්ක වැඩ කිරීම පහසුයිද?

ඔව්. නමුත් මට ඒ වෙනකොට සිනමා රංගනය ගැන කිසිම පළපුරුද්දක් තිබුණෙ නැහැ. ඒ නිසා මුල් දවස්වල මම වැඩිය ඔහු සමග කතාබට යන්න පවා බය වුණා.

බොලිවුඩය තුළ සන්ධිස්ථානය හැටියට ඔබ සලකුණු කරන සිදුවීම මොකක්ද?

මගේ ජීවිතේ වෙනස් කළ සිදුවීම සල්මන් ඛාන් සමග වැඩ කරන්නට ලැබිම. ඔහු වටේ තැවරෙමින් සිටින්නට ලැබිම නිසා මගේ ජීවිතය හුඟක් වෙනස් වුණා.

ජීවිතේ ඔබ වැඩිපුරම ආදර්ශයට ගන්න කෙනා කවුද?

සල්මන් ඛාන්.

ඔබේ සුන්දරත්වයේ රහස් ගැන කියන්න කැමැතිද?

මම ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතු ක්ලෙන්සර්, ටෝනර්, මොයිස්චර් ආ‍ලේපන තුනක් පාවිච්චි කරනවා. අව්වට යනවිට හිරු එළියෙන් ආරක්ෂා වෙන්න ක්‍රීම් එකක් ගානවා. විටමින් සී බහුල ආහාර ගන්නවා.

පිරිසිදුකම ගැන ඔබ ලබාදෙන උපදෙස් මොනවද?

පිරිසිදුකම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සමහර ගෑනු ළමයි දත් මදින්නේ නැතුව, මේකප් ඉවත්කරන්නේවත් නැතුව නින්දට යනවා. මම නම් එහෙම කවදාවත් නිදාගන්නේ නැහැ. නිදාගන්නා විට සම අලුත් වෙනවා. සමට අලුත්වීමට නම් අපි එය රාත්‍රියේ දී ආ‍ලේපන නැතුව පිරිසිදු කර තියන්නම ඕන.

දවසට කී වතාවක් ඔබ සම පිරිසිදු කරනවද?

ඒ කියන්නේ දවසට කී වතාවක් මම මුහුණ සෝදනවද කියන එක නේද? ඇත්තටම මම නිතර මුහුණ සෝදන්නේ නැහැ. එතුළින් මුහුණේ සම වියළි වෙනවා. නමුත් නින්දට පෙර නම් අනිවාර්යයෙන්ම මුහුණ
පිරිසිදු කරනවාමයි.

සඳමාලි වර්ණසූරිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.