Feb 18

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසියි..? අවසන් ඇණේ ගහන්න ඇමතිවරයෙකු

[මෙම වාර්තාව උපුටා ගනු ලබන්නේ සත්හඬ පුවත්තෙනි.]

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා මේ වන විට ආණ්ඩුවේ සූදානමක් පවතින බව දැන ගැනීමට තිබේ.


ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ හා එජාපයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු විසින් මෙම නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ අතර සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනකු ද පසුගිය දා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

විශේෂයෙන්ම එහි දී රාජපක්ෂ පවුලේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවල අඩුපාඩුකම් පෙන්වා දී ඇති අතර එය විධිමත් කර විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස ද ඉල්ලා තිබේ. ඒ අනුව මේ වන විට මීට අදාළ මූලික කටයුතු ජ්‍යේෂ්ඨ ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙමින් පවතී.

මේ අතර පසුගිය 13 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා සිටි නාමල් රාජපක්ෂ මහතා එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ සිය පියාව ඉලක්ක කර ගනිමින් තමන්ව පදනම් විරහිතව ප්‍රශ්න කළ බවය. තමන්ට එරෙහිව ඇති චෝදනාව කුමක්ද පැමිණිලි කළේ කවුද යන්න පවා තමාට දැනුම් නොදුන් බවට ඔහු එහි දී චෝදනා කළේය. තම පියා කොටු කර ගැනීම සඳහා යම් සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද යන්න ගැන සැකයක් තිබෙන බවත් ඔහු එහි දී පැවසීය. කෙසේ නමුත් රාජපක්ෂ යුගයේ දී සිදු වූ අකටයුතුකම් රැසක අවසාන වගඋත්තරකරුවා ලෙස හිටපු ජනාධිපතිවරයා චෝදනාවට ලක් වීම අනිවාර්ය බව මේ සම්බන්ධයෙන් වන තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 (1) වගන්තියෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුව බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, දූෂණ වංචා, ව්‍යවස්ථා උල්ලංඝනය, විෂමාචාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ලව ඇති චෝදනා පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නුදුරේම විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට නියමිතය.

ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව පත් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කෙරේ.

මෙම කොමිසම් සභාවේ නිර්දේශයක් ලෙස වසර 7 නොඉක්මවන කාලයක් සඳහා මන්ත්‍රීවරයකුගේ ප්‍රජා අයිතිය අත්හිටුවිය හැකිය. එමඟින් එම මන්ත්‍රී ධුරය ද අහෝසි වන අතර ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ද ඒ අනුව තහනම් වේ. මැතිවරණයක දී ජනමත විචාරණයක දී හෝ ඡන්දය පාවිච්චි කිරීමෙහි අයිතිය ද අහෝසි වේ. කෙසේ නමුත් මෙම නිර්දේශයන් ඇමැති මණ්ඩලයේ අනුමැතිය සහිතව අගමැතිවරයා කථානායකවරයාට පිළිගැන්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත වීමෙන් ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම මෙම තීරණ අධිකරණයකින් ප්‍රශ්න කිරීම ද කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වේ.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒකපුද්ගල කොමිසම් සභාවක නිර්දේශ මත 1980 ඔක්තෝබර් 16 වන දා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කර තිබේ. සමඟි පෙරමුණු ආණ්ඩු සමයේ බණ්ඩාරනායක පවුල සතු රජයට ඉඩම් පැවරීමේ දී ඉඩම් හි වටිනාකම වැඩි කර ගත් බවට එල්ල වූ එක් කරුණක් පදනම් කරගෙන ඇයට එරෙහිව චෝදනා ගොනු විය. එහෙත් එම චෝදනාව අසත්‍ය බවට පසු කාලයක දී හෙළි වී තිබිණි. එමෙන්ම පසුගිය රාජපක්ෂ සමයේ දී 2010 ජනාධිපති අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අභූත චෝදනා නඟා බන්ධනාගාරගත කළ අතර එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය යටතේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පියවර ගන්නා ලදී.

– සුභාෂ් ජයවර්ධන
සත්හඬ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.