Feb 11

හැම පෝයකම මට නයෙක් හම්බවෙනවා ධම්මික කියන අමුතු කතාව

සතුන්ට වෙද හෙදකම් කරන , අසරණ සතුන්ට පිහිටවෙන තරුණයෙක් පිළිබඳව අපට වාර්තා වුණා. ඔහු නමින් ධම්මික බණ්ඩාර අමරසිංහයි. ඔහු ජීවත් වන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ. එම ප්‍රදේශයේ ජීවත් වෙන අසරණ සතුන්ට පිහිට වෙන එක ධම්මිකගේ විනෝදාංශය.


මේ වෙනකොට අසරණ ව තුවාල වූ සතුන් රාශියකට ඔහු පිහිට වෙලා.

ධම්මික කියන්නෙ තමන්ගෙ ජිවිතේ ගැට ගහන්න වඩුවැඩ කරන සාමාන්‍ය ගමක හැඩුනු වැඩුනු තරුණයෙක්.ලොකු මාසික පඩියක් ලැඛෙන කෙනෙකුත් නෙමෙයි. ධම්මික කියන විදිහට ඒ ලැඛෙන සුළු මුදලින් හතරෙන් එකක් වියදම් කරන්නෙ මේ සත්තුන්ගෙ ජීවිත බේරගන්නලූ‍.

මොන විදියට තුවාලවෙලා හිටියත් මේ අසරණ සතුන්ට ඛෙහෙත් කරලා හොඳ කරන එක තමයි ධම්මිකගේ උපරිම උත්සාහය.

ඔහොම ඉන්නකොට ධම්මිකට අපූරු මිතුරෙක් හමුවෙලා තියෙනවා. මිතුරෙක් කිව්වට මෙයා විශාල නාගයෙක්.

ධම්මික කියන විදිහට එම නාගයා අඩි 6ක් විතර දිගලූ‍. ඒ නාගයෙකුගේ උපරිම වර්ධනය කියල තමයි ධම්මික කිවුවේ.

ඒ නාගයා ඉඳලා තියෙන්නේ ධම්මිකගේ අසල්වැසියෙකුගේ නිවෙසක වහලේ. නයා ගැන තොරතුරු දුන්නම  ධම්මික එහෙ ගිහින් තමයි අල්ලගෙන පස්සේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගිහින් අතඇරලා තියෙන්නේ.

හැම පෝය දවසකම දම්මිකට මේ වගේ නාගයෙක් හම්බවෙනවලූ‍. ඒ විශේෂ සිදුවීම ගැන ධම්මිකට අදහා ගන්නත් බැහැලූ‍.

කොහොම වුණත් මිනිසුන්ගේ අවබෝධයක් නැති නිසා අසරණ සතුන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මරා දමනවා කියලත් ධම්මික අපිත් එක්ක කිව්වා. අසරණ සතුන්ගේ ජීවිත නිරපරාදේ විනාශ කරන්න එපා කියලත් ධම්මික ඉල්ලා සිටිනවා.

තුවාල වෙලා අසරණ වෙලා ඉන්න සතුන් දැක්කම ගොඩක් අය බලන්නෙ නැහැ. එත් මම පුංචි කාලේ සිටම සතුන්ට ආදරය කරන කෙනෙක්. ඒනිසා මට එහෙම සතෙක් දැක්කම අහක බලන් යන්න බැහැ. කවුරුත් ම මුකුත් කරන්නේ නැති නිසා අපිවත් ඒක කරන්න ඕන කියල හිතුවා. එක අතකට ඒක අපේ යුතුකමක්. අනිත් එක අපි අවබෝධ කර ගන්න ඕන පළවෙනි දේ තමයි හැම සතාම ජීවත් වෙන්න ඕන කියන දේ.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.