Feb 20

පිරිමින් තුන් හතර දෙනකු සමඟ යහන්ගත වූ තරුණියකගේ දුක්බර කතාව

අපි ඇයට ආශා යෑයි කියමු. ආශා දහඅට හැවිරිදි වියේ පසු වූ රූමත් තරු‚යකි. ඇය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩි මහල් දිය‚ය වූවාය. ආශාගේ පියාට හරිහමන් රැකියාවක්‌ තිබුණේ නැත. මේ පියා තම දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටියේය.


ආශලා පදිංචිව සිටියේ දකුණු පළාතේ පිහිටි නගරයකට ආසන්නව පිහිටි ගම්මානයකය. ආශා පාසල් වියේ සිටම විසේකාර දැරියක්‌ වූවාය. ඇය අකුරු කරන්නට ගියේ ප්‍රසිද්ධ බාලිකා පාසලකටය.

ඇය දෙස වරක්‌ බැලුවිට දෙවරක්‌ බැලීමට තරම් රූසපුවක්‌ ඇයට හිමිව තිබුණාය. ඇගේ අහිංසක සිනාව තරුණයන් වශීකරවීමට සමත් වූවාය. ඇය පාසල් වියේදීම තරුණයන් කිහිපදෙනකු සමඟ පෙම් පලහිලව්වල පැටළුණාය. මේ ගැන ආශාගේ දෙමවුපියන් ඇයට කෙතරම් අවවාද කළත් ඇය ඒවා තුට්‌ටුවකට මායිම් නොකළාය. ඇයට අවවාද කරන විට ආශා දෙමවුපියන් දෙස බැලූ‍වේ වෛරයකිනි. ටික කාලයක්‌ යනවිට ආශාට දෙමවුපියන් නොරිස්‌සුවාය.

ඇය දහවැනි පංතියේ ඉගෙනුම ලබන අවදියේ දී ඇය සමඟ ධනවත් තරුණයකු පෙමින් වෙලී සිටියේය. මේ ධනවත් තරුණයා ආශාට හදවතින්ම ආදරය කළේය. තරුණයා ද කඩවසම් රූසපුවකට හිමිකම් කියූ තරුණයෙකි. මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය දිනෙන් දින දළුලා වැඩෙන්නට විය. මෙකී පෙම්පලහිලව්ව නිසාම ආශාගේ පාසල් ගමන ද නතර වූවාය. ආශා මට ඕන ඉක්‌මනින්ම ඔයා මගේ කර ගන්න මට අවශ්‍යයි. ඔයා මා ළඟ ඉන්නවා දකින්න. අපි පැනලා යමු ආශාගේ පෙම්වතා යෝජනා කළේය. ආශාද පෙම්වතාගේ චාටු බස්‌වලට එක පයින් කැමති වූවාය.

අවසානයේ ආශාට සිදුවූයේ අ.පො.ස සා පෙළ විභාගයට පෙනී සිටිනවා වෙනුවට දීගයක යන්නටය. ආශාගේ පෙම්වතා ඇය ඔහුගේ නිවසට රැගෙන ගියේය. ඒ වන විට ආශා දාහත් හැවිරිදි වියේ පසුවූවාය. ලාබාල තරුණියක්‌ වූ ආශාට යුග දිවිය පිළිබඳ එතරම් අවබෝධයක්‌ තිබුණේ ද නැත. ආශා පෙම්වතාගේ නිවසට කැඳවාගෙන ඒමට ආශාගේ පෙම්වතාගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් කොහෙත්ම කැමති වූයේ නැත. ඔවුන් ආශාට පවුල් ජීවිතය එපාවන තරමට නොයෙකුත් අඩම්තේට්‌ටම් කරනු ලැබීය. ඒ විතරක්‌ නොව ආශාට නොයෙකුත් හිරිහැර කළාය. එහෙත් ආශා මේ සියල්ල ඉවසාගෙන වසරක පමණ කාලයක්‌ පෙම්වතා සමඟ පවුල් ජීවිතයක්‌ ගත කළාය.

ආශා පණ මෙන් රැකබලා ගන්නා කියූ පෙම්වතා ද අවසානයේ ටිකින් ටික වෙනස්‌ වන්නට විය. මෙය ආශාගේ හිතට තදින් කාවැදී තිබුණාය. ඇය හඩපු වාර ගණන අනන්තය. ඇය පෙම්වතා සමඟ ජීවත් වූයේ කඳුළු බොමින්ය. පෙම්වතාගේ ඥාතීන්ගේ අඩම්තේට්‌ටම්වලට ආශාගේ දෑස්‌වලින් දිනපතාම පාහේ කඳුළු කැට රූරා වැටෙන්නට වූවාය. අනේ අම්මේ මට මේ ගෙදර තවත් ඉන්න බැහැ. මට මේ අය හිරිහැර කරනවා ආශා තම මවට කීවාය. අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන නුඹට ඕන වුණේ දීගයක යන්නනේ. දැන් ඉතින් ගියා නම් ඒවා ඉවසාගෙන ඉන්න ඕන ආශාගේ මව ඇයට බැණ වදිමින් කිවාය..

ආශාගේ මව එසේ කිව්වද ආශා කෙරෙහි ඇගේ හදවත උනු වූවාය. දරු සෙනෙහස ඇයට දැනෙන්නට වූවාය. ආශා විසේකාර දැරියක්‌ වුවද අහිංසකාවියක්‌ වූවාය. එහෙනම් මගේ දුවේ උඹ ගෙදර ඇවිත් හිටපන් අපට උඹ වැඩි නැහැ. අපට කන්න බොන්න දෙන්න පුළුවන් ආශාගේ මව කීවාය. වසරක කාලයක්‌ ඉතා කටුක පවුල් ජීවිතයක්‌ ගත කළ ආශා යළි තම දෙමවුපියන් ළඟට පැමි‚යාය.

එහෙත් ඇය වැඩි කාලයක්‌ දෙමවුපිය රැකවරණය යටතේ නොසිටියාය. ආශා ටික දිනකින් අගනගරයේ පිහිටි පුද්ගලික ආයතනයක රැකියාවට ගියාය. ඇය නගරයේ පිහිටි ලැගුම්හලක නතර වී දිනපතා රැකියාවට ගියාය. මේ අතරේ ආශාට මොණරාගල කොළඹ පුද්ගලික බස්‌ රථයක කොන්දොස්‌තවරයකු දැන හැඳින ගැනීමට හැකිවූවාය. ටික දිනකින් ආශා හා මේ බස්‌ කොන්දොස්‌තවරයා අතර ප්‍රේම සම්බන්ධතාවයක්‌ ඇති විය. ආශා මේ ගැන තම දෙමව්පියන්ට ද කීවාය. අම්මේ මාව බඳින්න තරුණයෙන් ඉන්නවා එයා හරි හොඳයි එයා මම ගෙදර එක්‌කගෙන එනවා ආශා මවට කීවාය. විවාහ කරගන්නා පොරොන්දුව මත ආශා බස්‌ කොන්දොස්‌තරවයා තම නිවසට කැඳවාගෙන ආවේය. ටික දිනක්‌ යන විට මොහු එක්‌දරුපියකු බව ආශාට දැනගන්නට ලැබුණාය. මින් ආශා දැඩි ලෙස කලබලයට පත්වූවාය.

බස්‌ කොන්දොස්‌තරවරයා එක්‌ දරු පියකු බව දැන ගැනීමත් සමඟ ආශා හා මොහු අතර ගැටුම් පවා ඇති වන්නට විය. කෙල්ලේ මට සමාවෙන්න. මා බිරිඳගෙන් දික්‌කසාද වෙන්නම් ඔයා බයවෙන්න එපා කෙල්ලේ එසේ කියමින් බස්‌කොන්දොස්‌තරවරයා ආශා අස්‌වසාලීය. ඔයා බසයේ රැකියාවට යන්න එපා මට බයත් හිතෙනවා ඔයා රැකියාවට ගියාට පසු යළි බිරිඳ සමඟ සම්බන්ධයක්‌ ඇතිකර ගනීවි කියලා ආශා කීවාය. ඔයා කියනවා නම් මම බසයේ රැකියාවට නොගිහින් ඉන්නම් අපි මෙහේ මොකක්‌ හරි රැකියාවක්‌ සොයා ගමු බස්‌ කොන්දොස්‌තරවරයා කිවේය.

ආශා දැලේ වැටුණු බස්‌ කොන්දොස්‌තරවරයා කට්‌ට කයිරාටික සටකපටි අයෙකි. අපි ගෙදරට වෙලා නිකන් ඉඳලා හරි යන්නේ නැහැ. ජීවත් වෙන්න සල්ලි ඕන ඔහු ආශාට කීවේය. හොඳට සල්ලි හොයන්න පුළුවන් රැකියාවක්‌ තියෙනවා මොහු යළි කියන්නට විය. අප්පේ මොකක්‌ද සල්ලි හම්බ කරන්න පුළුවන් රැකියාව ආශා මොහුගෙන් ඇසුවේය. මා දන්න හෝටලයක්‌ තියෙනවා. අපි දෙන්නාම හෝටලයක වැඩට යමු බස්‌ කොන්දොස්‌තරවරයා කීවේය. ආශාද එම යෝජනාවට කැමති වූවාය.

ඒ අනුව ආශා හෝටලයකට රැගෙන එනු ලැබිය. ඒ ආශාගේ දෙවැනි පෙම්වතා වන බස්‌ කොන්දොස්‌තරවරයාය. මුලදී ආශාට හෝටලයේ කිරීමට තිබුණේ මසාඡ් ක්‌ලිනික්‌ රාජකාරියයි. ආශාට කියා මසාඡ් කරගැනීම සඳහා වයසක ඇත්තන් දැඩි කැමැත්තක්‌ දැක්‌වූහ. ආශාට ඒ වෙනුවෙන් හෝටලයෙන් මුදලක්‌ ලැබුණි. ඒ විතරක්‌ නොව මොවුන් දෙදෙනාට නැවතී සිටීමට හෝටලයෙන් කාමරයක්‌ ද හිමි විය. පසුව ආශා මසාඡ් කිරීමට අමතරව මුදලට ඇගේ ශරීරය විකිණිමට ද කටයුතු කළාය. මේ ජාවාරම පිටුපස සිටියේ ආශාගේ දෙවැනි පෙම්වතාය. ආශාට ගනුදෙනුකරුවන් සොයා දුන්නේ පෙම්වතා විසිනි. ආශා සල්ලාලයන්ට විකුණා මොහු මුදල් උපයාගනු ලැබිය. ආශා අලෙවි වූයේ එක්‌ අයකු සඳහා රුපියල් 1500 ක මුදලකටය. දිනකට ඇය පිරිමින් තුන් හතර දෙනකු සමඟ යහන්ගත වූවාය. සිරුර විකුණා දිනකට රුපියල් පන්හය දහසක පමණ මුදලක්‌ උපයා ගනු ලැබිය.

මොවුන් ආශාගේ දෙමවුපියන්ට කීවේ තමන් හෝටලයක රැකියාව කරන බවය. අම්මේ සමහරක්‌ දිනවල රාත්‍රියටත් වැඩ තියෙනවා. හෝටලයේ අපට නවාතැන් පහසුකම් දෙනවා. එක දිගට වැඩ කළ විට වැඩිපුර මුදලක්‌ උපයා ගන්න පුළුවන් ආශා මවට කීවාය. ඒ විතරක්‌ නොව ආශා තම සිරුර විකුණා උපයන මුදල් වලින් කොටසක්‌ දෙමවුපියන්ටද ලබා දෙනු ලැබීය. ආශාගේ පෙම්වතාත් ඇය සමඟ සිටින නිසා දෙමව්පියන්ට කිසිදු සැකයක්‌ ඇති වූයේද නැත.

මේ අයුරින් ආශා තම පෙම්වතා සමඟ දෙමසකට අධික කාලයක්‌ හෝටලයේ නතරවී මෙම ජාවාරම කරගෙන ගියාය. ආශා සිරුර විකුණා උපයනු ලැබූ මුදල් ලබා ගත්තේ ඇගේ පෙම්වතා වූ බස්‌ කොන්දොස්‌තරවරයා විසිනි. හේ ආශාගේ සිරුර විකුණා උපයා ගන්නා මුදල් රිසිසේ වියදම් කරමින් විනෝද වන්නට විය. මේ අතර ආශාගේ පෙම්වතාට ත්‍රිරෝද රථ රියදුරකු හමුවිය. මචං ලෝකල්ලාට 1500 ට විකුණන්න ඕන නැහැ. සුද්දන්ට විකුණලා එක්‌ සුද්දෙකුගෙන් රුපියල් 10000 ක්‌ විතර ගන්න පුළුවන්. උණවටුණ සංචාරක කලාපයට ගිහින් මේ ජාවාරම කරගෙන යන්න පුළුවන් ත්‍රිරෝද රථ රියෑදුරා එසේ කීවේය. මුදලට දැඩි ගිජු අයකු වූ ආශාගේ පෙම්වතා මෙයට එක පයින් කැමති වූයේය.

ඒ අනුව ආශාගේ පෙම්වතා ආශාත් සමඟ උණවටුණ වෙරළ තීරයට පැමිණ ඇය විදේශිකයන්ට විකිණිමේ ජාවාරම කරගෙන ගියාය. එහෙත් මොහුට මෙකී ජාවාරම වැඩි දිනක්‌ කරගෙන යැමට හැකි වූයේ නැත. හබරාදූව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතාට පුද්ගලික තොරතුරුකරුවකුගෙන් මේ ගැන පණිවුඩයක්‌ ලැබී තිබුණේය. ඔහු වහා ක්‍රියාත්මක විය. මෙහි ඇත්ත නැත්ත බැලීම සඳහා පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විසින් තම නිලධාරීන් තිදෙනකු උණවටුණ වෙරළ තීරයට පිටත්කර යෑවීය. ලාබාල වියේ පසුවූ රූමත් තරුණියක්‌ තවත් අයකු සමඟ වෙරළ තීරයේ සැරිසරණ අයුරු පොලිස්‌ නිලධාරීන්ට දැක ගැනීමට හැකි විය. පොලිස්‌ නිලධාරීන් විසින් ඔත්තුකරුවන්ගෙන් ද මේ ගැන තොරතුර ලබා ගනු ලැබිය.

ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමට පො.සැ (889) පියල් පො.සැ. (5375) සුජීව, පො.කො (73383) මදුසංක යන නිලධාරීන් තිදෙනා එක්‌ව සිටියහ. ආශාගේ පෙම්වතා වෙරළ තීරයේ දී ඇය ඉන්දියානු ජාතිකයකුට භාර දී ත්‍රිරෝද රථයක නැගී හබරාදූව දෙසට ගමන් කරනු පොලිස්‌ නිලධාරීන් බලා සිටියහ. වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ආශා විදේශිකයන්ට මුදලට විකිණිමේ ජාවාරම්කරු පළමුව කොටුකර ගනු ලැබීය. ඒ ආශාගේ පෙම්වතාය. ඉක්‌බිති පොලිස්‌ නිලධාරීන් විසින් ආශා යළි වෙරළ තීරයට එනතෙක්‌ සෝදිසියෙන් සිටියහ.

ඇය ඉන්දියානු ජාතිකයාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමෙන් පසු මුහුදු වෙරළ තිරයට වී නිදහසේ සිටියාය. පසුව පොලිස්‌ නිලධාරියකු වෙස්‌වලාගෙන ගොස්‌ ඇයත් සමඟ කතා බහට වැටුණාය. අදාළ ගාස්‌තුව කතාබස්‌ කර ගැනීමෙන් පසු ඇය පොලිස්‌ නිලධාරීන් විසින් කොටුකර ගනු ලැබීය. මෙම ළාබාල තරුණිය මාස දෙකක්‌ තුළ පිරිමින් හැට හෑත්තෑවක්‌ සමඟ යහන්ගතවූ බව පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළාය. එසේ කිරීමෙන් උපයාගනු ලැබූ මුදල් ඇගේ පෙම්වතා විසින් මත් කුඩු පානය කිරීම සඳහා යොදාගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

ජාවාරම්කාර පෙම්වතා ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 13 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. තරුණිය ඇගේ මවට භාර දෙනු ලැබීය. ආරක්‌ෂක සහායක සිල්වා ද පරීක්‌ෂණවලට සහාය විය.

ගාල්ල ලලිත් චාමින්ද
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.