Sep
01
පුංචි නිකිලාගේ මොන්ටිසෝරිය තිබුණේ උස් තාප්පවලින් වටවය. ඒ තාප්පය නිසා වටාපිටාව නොපෙනුනත්, හිස් අහසේ මැවෙන පුලුන් වලාපෙළ ඇගේ පුංචි හිතට ගෙනාවේ කුතුහලයකි. විටෙක ඒ වලාපෙළ මැදින් පියඹායන කපුටකු, අහස් යානාවක දසුනක් හැරුණු කොට අලුත් දෙයක් නිකිලා දැක තිබුණේ නැත. ඇය වාගේම තවත් දරුවන් දහ දොළොස් දෙනකුගේ ඉරණම ලියැවි තිබුණේ ඒ අයුරිනි.