Jan 01

මුස්ලිම් මෘත දේහ ආදාහනයට බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු


එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ.

මේ වන විට එම කවුන්සිලය ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාගමක් වන බයින්ඩ්මන්ස් එල්.එල්.පී. (Bindmans LLP) හරහා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටී.

එසේම ශ්‍රී ලංකාවේ සිදු කරන ආසාදිත මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට එරෙහිව ගත යුතු පියවර සලකා බැලීම සඳහා බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එය සහකාර මහ ලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නියෝජිතායතන, නීතිඥයන්, වෛද්‍ය විශේෂඥයන් සහ ප්‍රජා නායකයන්ගෙන් ස්ථාපිත ‘කාර්ය සාධක බළකායක්ද’ පිහිටුවා ඇත.

බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වහාම හකුළා ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මට්ටමින් බලපෑම් එල්ල කිරීම එහි අරමුණයි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය පවසන්නේ බලහත්කාරයෙන් සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් සුළුතර කණ්ඩායමේ ආගමික නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

‘‘පවුලේ ඥාතියකුගේ දේහයක් නියමිත වේලාවට භූමිදානය කිරීමට ඉඩ ලබා නොදීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින් වසංගතය අතරතුර මළ සිරුරු ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇත යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

නයන තරංග ගමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.