Jan 28

ක්‍රිකට් ගොඩගන්න මහේල සහ නාමල්ගෙන් තීන්දු 5 ක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, ජාතික ක්‍රිඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී තීන්දු 5 ක් ගනු ලැබූ අතර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමද එහිදී ගනු ලැබූ එක් සුවිශේෂී තීරණයක්.

තරඟකාරී අභ්‍යන්තර හා පළාත් තරගාවලියක් සංවිධාන කිරීම මෙන්ම විනය සහ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛත්වයක් ලබාදීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. එමෙන්ම ක්‍රීඩකයින්ට දක්‍ෂතා පදනම් කර ගත් කොන්ත්‍රාත් ලබාදීමටද මෙහිදී තීරණය වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට සහායවීම සදහා අධ්‍යක්‍ෂවරයෙකු සහ උපදේශකවරයෙකු පත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණයකට එළඹුණා.

මේ අතර අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඊයේ තීරණය කළා. ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ තමන් පෞද්ගලික හේතුවක් මත එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. අලුතින් පත්වන නව ක්‍රිකට් තේරිම් කමිටුවට තමන් සුබ පතන බවද ඔහු සදහන් කළා. 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට පත් අසන්ත ද මෙල් ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් දැඩි දෝෂදර්ශනයට ලක් වුණා.

2019 ලෝක කුසලාන තරඟාවලිය සදහා අසන්ත ද මෙල් ප්‍රමුඛ තේරීම් කමිටුව මිලින්ද සිරිවර්ධන සහ ජීවන් මෙන්ඩිස් කැඳවීමට ගත් තීරණයද දැඩි විවේචනයට ලක්ව තිබුණා.

අනතුරුව දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන් රැසකට මුහුණුදුන් අතර එවන් පසුබිමක් තුළයි අසන්ත ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වුණේ. නව ක්‍රිකට් තේරීම් කමිටුවක් අද දිනයේදී පත් කිරීමට නියමිතව ඇති බවයි නෙත් ස්පොර්ට්ස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.