Dec 30

ලොව කළඹන කොරෝනා නව ප‍්‍රභේදය සොයා ශ‍්‍රී ලංකාව පරීක්ෂණ අරඹයි


ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින්. එහි අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර, නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙරටදී සිදුකරන සාමාන්‍ය PCR පරීක්ෂණයකින් මෙම ප‍්‍රභේදය ද ඇතුළත් විය හැකි කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත හැකි බවයි.

එහෙත්, එම කොරෝනා ආසාදිතයින්ට ලොව පුරා පැතිරෙන එහි නව ප‍්‍රභේදය ආසාදනය වී ඇත්දැයි සොයාගැනීමට නම් වෙනම විශේෂ ජානමය පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද, ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළා.

මෙම නව ප‍්‍රභේදය නිවැරදිව හඳුනා ගැනීම ශී‍්‍ර ලංකාව වැනි රටකට අතිශය වැදගත් බවයි ඔහු කියා සිටියේ. ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ PCR පරීක්ෂණයකින් නව වෛරස් ප‍්‍රභේදය ආසාදිත ඉලක්ක ගත පුද්ගලයින් මගහැරීමේ සම්භාවිතාවක් ද පවතින බවයි.

කෙසේවෙතත්, දැනටමත් නව ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සොයා ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයෙන් පැමිණි සිටින ඉලක්ක ගත ආසාදිතයින්ගේ සාම්පල ලබාගෙන ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ලොව පුරා මේවනවිට කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේද දෙකක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එක් ප‍්‍රභේදයක් එංගලන්තයෙන් ද, අනෙක් ප‍්‍රභේදය දකුණු අපි‍්‍රකාවෙන් ද හඳුනා ගැනුණා.

එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මේවනවිට ලොව රටවල් 23 කින් පමණ හඳුනාගෙන තිබෙනවා. යුරෝපා රටවල් අතරින් එම වෛරස් ප‍්‍රභේදය හඳුනාගෙන ඇත්තේ නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ප‍්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, ෆින්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, අයිස්ලන්තය හා බෙල්ජියම යන රටවලින්. සිංගප්පූරුව, ජපානය, හොංකොං, දකුණු කොරියාව, ඉන්දියාව හා පකිස්තානය යන ආසියානු කලාපයේ රටවලින් ද නව වෛරස් ප‍්‍රභේදය වාර්තා වනවා.

මැදපෙරදිග රටවල් අතරින් එම වෛරසය වාර්තා වන්නේ ඊශ‍්‍රායලයෙන් සහ ලෙබනනයෙන්. 

ඔස්ටේ‍්‍රලියාවෙන් ද මේවනවිට කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේද ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන තිබෙනවා. විශේෂත්වය වන්නේ එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව යන රටවල් දෙක තුළම ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා නව වෛරස් ප‍්‍රභේද මේවනවිට ඔස්ටේ‍්‍රලියාවෙන් හඳුනාගෙන තිබීමයි.

නව ප‍්‍රභේදයේ ව්‍යාප්තිය ආරම්භ වූ එංගලන්තයේ සෞඛ්‍ය පද්ධතිය මේවනවිට දැඩි අවදානමකට පත්ව තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් විදෙස් ප‍්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.