Dec 22

පාස්කු කොමිසම හමුවේ නිෂාරා හඬා වැටේ


නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පාස්කු කොමිසම ලබාදුන් අවවාද නොසලකා එම කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීම ජනාධිපති කොමිසමේ බහුතර මතය අනුව ඊයේ (21 වැනිදා) තීරණය විය.


මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය ජනාධිපති කොමිසම හමුවේ කඳුළු සලමින් සංවේදී වූවාය.

ඇය කඳුළු සලමින් සංවේදී වී ප්‍රකාශ කළේ කොමිසමට අපහාස කළා කියන පුවත මාධ්‍ය මගින් පළ කිරීමෙන් තමාගේ නමට අපහාස වීමට ඉඩනොදෙන ලෙසයි. තමා කොමිසමෙන් සමාව ගන්නා බවද පැවසුවාය. නිෂාරා ජයරත්න කොමිසම හමුවේ ඉකුත් බ්‍රහස්පතින්දා සහ ඊයේ (21 වැනිදා) ලබාදුන් අවවාද නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභා පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණය ට වාර්තා කළ යුතු බව කොමිසමේ සභාපති විනිසුරුවරයාගේ මතය බව සභාපතිවරයා කියා සිටියේය.

ඒ අනුව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ජනාධිපති පරීක්ෂණ කොමිසමට අපහාස කළේද නැද්ද යන්න පිළිබඳව එම කොමිසමේදී බෙදුණු මතයක් ප්‍රකාශ විය.

නමුත් කොමිසමේ බහුතර මතය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරයා සහ සාමාජික කොමසාරිස්වරිය පවසා සිටියේ සාක්ෂිකාරිය කොමිසමට අපහාස කර ඇති බවට කීමට ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් රජයේ නීතිඥ නිෂාරා ජයරත්න කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් බවට ප්‍රකාශ කිරීම යුක්ති සහගත නොවන බවය.

කොමිසම් සභාවේ සාමාජිකයන් පස් දෙනාගෙන් තිදෙනකු ඊයේ (21 වැනිදා) කොමිසම් සභාවේ අසුන් ගෙන ඇත.

වරුණි පෙරමුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.