Nov 10

භූමදානය ද ? ආදාහනය ද ?


කොවිඩ් - 19 රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ වියළි කලාපයේ විශේෂිත භූමියක භූමදානය කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශ සලකා බලමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ තීරණයට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ ඇතුළු පාර්ශව රැසකින් මීට දැඩි විරෝධයක් එල්ලවිය.

කොවිඩ් -19 රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ඊට අදාළව පත්කළ විශේෂඥ කමිටුවේ අදහස් අනුව සියලුම දේහයන් අදාහනය කරන ලෙස හිටපු සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් ද සිදුකළේය.

මෙලෙස කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

නමුත් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, “නව කොරෝනා වෛරස ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට වත්මන් රජය අවසර ලබා දී ඇත.“ යනුවෙනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා,

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් යම් නිර්ණායකයන්ට අනුගත වෙමින් කොවිඩ් ආසාදනය ලංකාවේ පැතිරෙන්න ගත්ත කාලයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කර ගෙන කොවිඩ් ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ ආදාහනය කිරීමෙන්. ඒ තීරණය සෞඛ්‍ය සේවා ජනරාල්වරයා ප්‍රකාශයට පත් කළේ, විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු මේ රටේ භූමිය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් යන කාරණා දෙකම පදනම් කරගනිමින්. දැනට මේ රටේ ක්‍රියාත්මක කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමක් නෙමෙයි සිදුවන්නේ ආදාහනය කිරීමක්. මේ තීරණය පදනම් කර ගත් කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් පිළිබඳව වාර්තා වෙන්නේ නෑ. මෑතක දී සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන්නා වු කරුණු පිළිබඳව යම් ආකාරයක තීන්දු තීරණ ගන්නේ නම් එය බලධාරීන් විසින් විද්‍යාත්මක හා තාක්ෂණික පදනමක් මත ගන්නා වු ක්‍රියාමර්ගයකි. ඒ පිළිබඳ තීරණය වෙනස් කළ බවට කිසිදු නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට නිකුත් කර නෑ.“

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම කරුණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සිදුවු සාකච්ඡාව පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කළේය.

“ඊයේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ අතරේ, මුස්ලිම්වරුන්ගේ මරණ සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය මේ පිළිබඳ විවිධ මත මාධ්‍ය තුළින් දැක ගන්න ලැබෙනවා. නිවැරදිම දේ මේ පිළිබඳ කියන්න ඕනේ. විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ගේ මේ ප්‍රශ්නය අද ඊයේ නෙමෙයි කොරෝනා පළමු මරණයේ සිට සාකච්ඡා වු ප්‍රශ්නයක්. ඒ සෑම අවස්ථාවකදී ම මේ රටේ විද්‍යාත්මක පදනමක් හා සෞඛ්‍ය අංශවල තිබුණ මතවාදයන්ට අපි ගරු කළා. කාලයක් යනවිට විවිධ අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයේ විවිධ අමාත්‍යවරු විසින් මේ ප්‍රශ්නය කොයි ආකාරයෙන්ද සිදුවිය යුත්තේ යන මතවාදය ඉතිරි වුණා. විශේෂයෙන්ම ඊයේ කැබිනට් මණ්ඩලයේ දී අලී සබ්රි අමාත්‍යවරයා නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් කථා කරනවා. මේ සම්බන්ධයෙන් නීතිරීති තුළ මෙය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම වියළි කලාපය මොකද ජල මට්ටම් සහ තවත් තර්ක ගණනාවක් තිබුණ නිසා. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අවසරයක් ලබා දුන්නා එහෙම නැත්නම් අනුමැතියක් ලබා දුන්නා කියන එක නෙමෙයි එතනදී සාකච්ඡා වුණේ. එතනදී සාකච්ඡා වුණේ, එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ තීන්දු ගන්නා කණ්ඩායම්වලට ලබා දෙන්නයි තීන්දුව ගත්තේ. ඊයේ ගත්ත තීන්දුව කැබිනට් තීන්දුවකට වඩා මතවාදයක් සහ සෑම සාකච්ඡාවක් සෞඛ්‍ය හා තාක්ෂණික කේෂ්ත්‍රවල වැඩකරන අයගේ නිර්දේශවලට යටත්ව ගතයුතුයි යන්න මතය තමයි තිබ්බේ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.