Nov 16

මෛත්‍රී සිංහරාජ වනය තුන්ගුණයක් විශාල කළ ගැසට් පත්‍රය අවුරුද්දකින් පසු එලියට


සිංහරාජ වනාන්තරය තුන් ගුණයක් විශාල කිරීම සම්බන්ධව 2019 නොවැම්බර් 11 වන දින අත්සන් තැබූ ගැසට්  ලේඛනය ඊයේ දිනයේ නිකුත් වීමත් සමඟ එම ගැසට් නිවේදනය අත්සන් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ මෙසෙ සටහනක් දක්වා තිබේ.

පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය.....

මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.

අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන්ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකියි දවසකි.

මීට වසරකට ඉහත දි මා ජනාධිපති ධුරයෙන් නික්මයාමට දින කිහිපයකට ප්‍රථම මුළු මහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන්ගුණයකින් පුළුල් කොට අති විශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී.

හෙක්ටෙයාර් 11000 සීමාවී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36474.93 ක ප්‍රමාණයකට මා විසින් වැඩි කරන ලදී.මෙම තීරණය උතුම් මාතෘභූමියේ දිවි පැවැත්මටත් මුළු මහත් ලෝකයේ මානව,සත්ව සහ තුරු ලතා ස්වභාව ධර්මයේ පැවැත්ම උදෙසා මා එක සිතින් ගත් තීරණයකි.

මීට වසරකට ඉහතදී මා මෙම විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබුවත් එය මුද්‍රණය ප්‍රමාද වූ හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමට සහ පරිශීලනය කිරීමට නොහැකිවිය.

එම ප්‍රමාද වීම පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග මා දුරකථනයෙන් විමසු අතර හැකි ඉක්මනින් එය ඉටු කර දෙන බව මා වෙතට කාරුණිකව ප්‍රකාශ කරන ලදී.

වසරකට පසු එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි.

අදටත් ලෝව විශාලතම තෙත් සදාහරිත වැසි වනාන්තර 10ය තුළට ඇතුළත් සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කොට එහි ප්‍රමාණය වර්ධනය කිරීමට නිරන්තරයෙන් මා සමග අදහස් බෙදා ගත් සියලුම පරිසරවේදීන්ට සහ පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලුම මානව හිතවාදී මිනිසුන්ට මේ මොහොතේ මා ස්තුතිවන්ත වෙමි.

මීට අමතරව පරිසරය වෙනුවෙන් මා අත්සන් තැබූ (මුද්‍රණය කොට නොමැති) තවත් විශේෂ ගැසට් පත්‍ර 65 නුදුරේ දී ජනතාවට දැකබලාගැනීමට ප්‍රසිද්ධ කරනු ඇතැයි මා විශ්වාස කරමි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.