Oct 20

මාකඳුරේ මධුෂ් කළ අපරාධ මෙන්න


වෙඩි වැදී මියගිය "සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත" හෙවත් මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි.

මධූෂ් අපරාධ කල්ලි නායකයෙකු ලෙස කරලියට පැමිණෙන්නේ 2006 වසරේ ජූනි මස 11 වැනිදා ය.

ඒ, එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටිය මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමගය.

එතැන් සිට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 50ක් පමණ සම්බන්ධයෙන් සෘජුව සහ වක්‍රව ඔහුට චෝදනා එල්ල වූ අතර 2017 වසරේදී තවත් පාතාල කල්ලි නායකයෙකු වන සමයං ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම ද මාකඳුරේ මධුෂ්ගේ සැලැස්මක් ලෙස හඳුන්වා දුනි.

එසේම, 2017 වසරේ මැයි මස 09 වැනිදා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්ධියද සැලසුම් කර තිබුණේ මාකඳුරේ මධූෂ් විසින් බවයි සැක කෙරෙන්නේ.

ඒ අතර, 2018 මාර්තු 07 වැනිදා අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් ''කොස් මල්ලී'' නැමැත්තා ඝාතනය කිරීම සහ හිස කඳින් වෙන් කර කෙසෙල්වත්ත පොලිස් වසමට ගෙනැවිත් දැමීම මෙහෙයවීම ද මධුෂ් විසින් සිදුකර ඇති බවට වාර්තා විය.

මෙලෙස අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මධුෂ් 2015 ජුනි මස දෙවැනිදා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායි වෙත පැන ගොස් තිබුණි.

ඉන් පසු ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පත්වූයේ එරට තුළ සුඛොපභෝගී මහල් නිවාස සහ දේපළ රැසක් අත්පත් කරගනිමිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.