Oct 08

විභාග කාලසීමාවේ බාධා මගහැර ගන්න සිසුන්ට සහාය මෙහෙයුම් මධ්‍යස්ථානයක්


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට ඇවස්ථාව සළසාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව ඔත්තෝබර් 11 දින සිට නොවැම්බර් 06 දින දක්වා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එම කාලසීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක අදාල කාල සීමාව තුළ පැය 24 පුරා විවෘතව පවතී. විභාග සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු මෙම දුරකථන අංක වෙත යොමු කළ හැකි ය.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් ආපදා අවදානම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කරන විවිධ පාර්ෂවකාර ආයතන වෙත විභාග පැවැත්වෙන කාල සීමාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ දැනටමත් කිතුක් කිරීමට කටයුතු කර ඇත.

විවිධ පාර්ශව සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ සහ විභාග සම්බන්ධයෙන් ඇති වන බාධා පිළිබදව විමසීමට ඔබට අවශ්‍ය දුරකථන අංක සහ තොරතුරු dmc.gov.lk ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ වෙබ්අඩවියෙන් ලබා ගත හැකි ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.