Sep 05

සුපිරි නළු සුශාන්ත් ගැන අලුත්ම ආරංචිය මෙන්න


සුශාන්ත් සිංගේ මරණය ගැන බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින අතර ඒ ගැන උනන්දුවෙන් බලා සිටින බොහෝ පිරිස් වෙනුවෙන්ම මාධ්‍ය අතරත් උණුසුමක් ඇති වී තිබෙනවා.

රියා චක්‍රබෝර්ති කියන සුශාන්ත්ගේ පෙම්වතියත් මේ ගැටුමට මැදි වුනු බව අපි ඔබට කිව්වා. සුශාන්ත්ව මරණයට පෙළඹුවා කියන චෝදනාවත්, ඇය ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සමඟ "වට්ස්ඇප්" චැට් කරපු ඒවා ගැනත්, "ඉන්දියා ටුඩේ" පසුගිය දවසක වාර්තා කර තිබුණා.

පර්යේෂණ සිදුකරන කණ්ඩායම සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සුශාන්ත්ට සමීප සාමාජිකයින් බොහෝ පිරිසක් පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන්.

සුශාන්ත්ගේ වට්ස්ඇප් පණිවුඩ ඔස්සේද විමර්ශන සිදු වන අතරේ ඔහු මානසික පීඩනයට ප්‍රතිකාර ගත් ඖෂධයක් ගැනද නිලධාරින්ගේ අවධානයට යොමුව තිබෙනවා. වෛද්‍ය නිර්දේශ මත ගත යුතු එක්තරා ඖෂධයක් ගැන ඒවායේ සඳහන් වුවත් සුශාන්ත් ඒ වෛද්‍යවරයා හමුවීමට හෝ ගොස් නැහැ.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බව සඳහන් වන අතර ඔහුගේ නිවසේ නිතරම සාද පැවැත්වූ අතර ඔහුගේ එක් සොයුරියක් මේ සාදවලට එන්නට පුරුදුව සිටියා.

"ඔවුන් රියා චක්‍රබෝර්තිට චෝදනා එල්ල කරන එක වැරදී, පවුලේ අය ඔහු ගැන දැනන් ඉඳලා තියනවා.. ඔහු තදින් මතට ඇබ්බැහි වුනු කෙනෙක් කියලා.."

රියාගේ නීතිඥවරයා කියන්නේ එහෙමයි.

මේ වන විට සමාජ මාධ්‍යයේ වැඩිම අවමන් විඳින තැනැත්තිය බවට පත්ව ඇත්තේද රියායි.

රාජපුත් පවුල අතර තද බැඳීමක් ඇති බව කීවත් එය එසේ නොවන බව සඳහන්.

2019 නොවැම්බර් මාසයේ ඔහුගේ සොයුරියන් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ තිබුණා. එහිදී ලොකු ගැටුමක් හටගෙන ඇති අතර අනතුරුව සොයුරියන් හෝටලයක නවතින්න ගොස් තිබුණා. ඉන් සුශාන්ත්ගේ මානසික අවපීඩනය වැඩි වූයෙන් ඔහුව රෝහල්ගත කරන්නට සිදුව තිබෙනවා. ඔහු සිය පියාටවත් තමා දකින්නට එන්න අවසර දී නැහැ.

"පවුලේ අය හින්දා තමයි මට මෙච්චර දෙයක් වුණේ... ඔයා ආවා කියලා වෙනසක් නෑ.. ඒ හින්දා එන්න ඕනි නෑ.." ඔහු පියාට දුරකථනයෙන් පවසා තිබුණා.

කෙසේ වුවත් මේ සිද්ධිය තුළින් අලුත් මත්ද්‍රව්‍යක් ද හෙළිදරව්ව වී ඇති බවත්, ඉන් ඔවුන් පුදුමයට පත් වූ බවත් ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

මේ අතර ඊයේ දිනයේදී රියා චක්‍රබෝර්තීගේ සොහොයුරෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවට තොරතුරු වාර්තා වනවා.

චන්දි කොඩිකාර ලියූ ලිපියක් ඇසුරිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.