Sep
08
අධික වේගයෙන් ආ මෝටර් රියේ ගැටුණු දෙදරු පියා ගිං ගඟට වැටෙයි
අධික වේගයෙන් අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක ගැටුණු දෙදරු පියෙක් ගාල්ල - මාපලගම මාර්ගයේ වලව්ව හන්දිය අසල දී ගිං ගඟට වැටී අතුරුදන් වී තිබේ.
ඊයේ (07) සවස මෙම අනතුර සිදුවූ බව වාර්තාකරු පැවසීය.
එලෙස අතුරුදන්ව ඇත්තේ සමන් ප්රියන්ත නැමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුමක් ක්රියාත්මක වන බවත්, නාවික හමුදා සහාය ද ලබා ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කාර්ය අසීරු වී ඇතැයි පැවසීය.
තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා රෝහල් ගතකර ඇත.