Sep
03
මිනිස්සු බෝධිය වදින පැත්තක දාල අගමැති ආවම ඔහු පස්සෙන් දුවනවා .. කැළණි විහාරාධිපති කියයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැලණි විහාරයට පැමිණි අවස්ථාවල එහි බෝධි වන්දනා කරමින් සිටි මිනිසුන් ගාථා කීම නවතා ඔහුගේ පස්සෙන් යන කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කරති.
කිසිම හේතුවක් හෝ උවමනාව නැතිව ජනතාව එසේ පස්සෙන් යන බවද උන්වහන්සේ පැවසූහ.
ඊට හේතුව මහින්ද රාජපක්ෂ මහතා සතර සංග්‍රහ වස්තු හොඳින් ප්‍රගුණ කර තිබීම බවද උන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ පසළොස්වක පොහොය දා අරලියගහ මන්දිරයේ දී පැවති ධර්ම දේශනාව සිදු කරමිනි.
-lankacnews