Aug
25
මාලදිවයිනේ සිට ලංකාවට ඇවිත් නිරෝධායනය වී පන්සලේ ගත් සුපිරි විවාහය
කොරෝනා වසංගත තත්වය සමග මෙරට බොහෝ දෙනෙකුට තමන් සැලසුම්කල විවාහ උත්සවයන් කල්දැමීමට සිදුවූවා.
කෙසේ වෙතත් මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කල්දැමීමට සිදුවූ තම විවාහ උත්සවය වෙනස්ම ආකාරයකට සිදුකළ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූවා.
ඒ අනුව මෙලෙස වෙනස්ම ආකාරයකට තම විවාහ උත්සවය සිදුකරන්නේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි උමිත් සමීර නම් තරුණයා සහ ඔහුගේ පෙම්වතිය වූ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි සඳනි ලෝචනා නම් තරුණියයි.
ඔවුන් තම විවාහ සැමරුම වෙනුවෙන් 100ක් නමක් විෂයෙහි මහා දානමය පිංකමක් සිදුකරමින් ඊයේ දිනයේ සිය විවාහය සිදුකරන්නේ නුගේගොඩ සුභද්‍රාරාම අතුල රජ මහා විහාරයේදීයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව උමිත් සිය නිරෝධායන කාලය අවසන් කරමින් දෙපාර්ශවයේම මව්පියන්ගේ ආශිර්වාදය මැද විහාරයට පැමිණි සිටි සියල්ලන්ටම ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරමින් මෙම අපූරු විවාහය සංවිධානය කර තිබුනා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8m7b3cesNSne96UP3rIUpqmrIuYCOiVHbo8IXxmD9_1LwO3x0zOgh1E27METWvn7W1ts48DJxPJ0BtNED26VzZYMoGFW7HiBmINw7gCFNORLKa8Gc2maY-rNVUO9Fbz4kGa0eUQTUF3M/s640-rw/temple-wedding+01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKrHtuiUBrzG5jMrsKp8EXzBnE1cZQX9tx8d9n4N0cWEQwr6mV9KYF7B9C1foY_HwdSMQU6bty5ZIB5mHeZi8SRZgaH3xkHxTtVOoD7jb_dfxn5MxDOFM3X9Fjk8y34z1ONwpsB-aVFRs/s640-rw/temple-wedding+02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNdmnw9rbOJhSctI9QgT3o8XjpZxQWP3tcb9S92XxMMAn2QQbe-DqiLxrd0CQKY8kU9bx6djDeppYt5NPC33gUMmecjj1PbCvSGiStuFUdI4_MuDnGmNk1uf0QKkOxEgDtyzYsjKPMfSk/s640-rw/temple-wedding+03.jpg)
-hirugossip