Jul 22

ජංගම දුරකථනයෙන් ‘ගේම්’ ගැසූ තරුණයා නහරයක් පුපුරා මරුට


ජංගම දුරකථනයෙන් නිතර ගේම් ගැසීමේ නිරත වූ තරුණ විවාහකයකු මොළයේ නහරයක් පුපුරා යෑමෙන් මියයෑමේ සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කොළඹ 13, කි‍්‍රස්ටි පෙරේරා මාවතේ පදිංචිව සිටි ජයරාමන් සුරේන්ද්‍රන් (32) නමැති එක්දරු පියෙකි.

 මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර, එහිදී සාක්‍ෂිදුන් මියගිය අයගේ

 බිරිඳ වන ආනන්දන් දර්ශිකා (32) යන අය මෙසේ පැවැසුවාය.

 ‘‘මියගොස් සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපිට එක් දරුවෙක් සිටිනවා. මියගිය අයට මීට පෙර ගැස්ට‍්‍රයිටීස් තිබුණා. ඒ හැරුණ විට ඔහුට වෙනත් රෝග තිබුණේ නැහැ. ඒ අතර, රාත‍්‍රියේ ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරමින් සිටියා. ඔහුට ෆෝන් එකෙන් ගේම් ප්ලේ කරන්න එපා කීවත් ඔහු ඒ දේම කරනවා. කියනදේ ඇහුවේ නැහැ.

 ‘‘පසුව මා දරුවන් එක්ක නිදාගත්තා. අලූයම 2.00 ට විතර බලන විට ඔහු බාත් රූම් එකේ ඉන්න බවක් දැනුණා. නමුත් නැවත අලූයම 2.30 ට විතර බලනවිටත් ඔහු  නිදාගෙන නැති නිසා බාත් රූම් එකේ දොර විවෘත කර බැලූවා. එසේ බලනවිට ඔහු සම්පූර්ණයෙන්ම වතුර තිබූ බේසමක වැටී ඉන්නවා දැක්කා. පසුව අපි ඔහුව කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා.’’ මෙහිදී විශේෂ ප‍්‍රකාශයක් කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මෙසේ පැවැසුවාය.

 ‘‘මේ මියගොස් සිටින අයගේ මරණය මොළයේ නහරයක් පුපුරා යෑම නිසා ඇදා වැටී මොළයට ලේ ගැලීම නිසා සිදුව ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා. මේ පුද්ගලයා රාත‍්‍රි කාලයේ අලූයම 2.00 වෙනතුරු එකදිගට ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම පුරුද්දක් ලෙස කර ඇති බව ඔහුගේ  බිරිඳගේ සාක්‍ෂි අනුව අනාවරණය වුණා. මේ තත්ත්වය ශරීරයේ රුධිර පීඩනයකට ඇතැම් විට බලපෑමක් කරන්නට ඇතැයි අධිකරණ වෛද්‍යවරයාගේ කරුණු අනුව අනාවරණය කරගත හැකිවුණා.

 ‘‘අපගේ තරුණ පරපුර නිවෙස්වල රඳවා තබාගැනීමට දෙමාපියන් පහසුවෙන් ලබාදෙන දේ තමයි ස්මාට් ජංගම දුරකථනයක් අතට ලබාදීම.

 ඇතැම් තරුණ දරුවන් දවස් ගණන් නිවසේ රැුඳී සිටිමින් නිවසේ මිදුලට හෝ බැසීම ප‍්‍රතික්‍ෂේප කරන තත්ත්වයක් පවතිනවා. මේ දරුවන් බොහෝ දෙනෙක් පිළිබඳව සොයා බැලූවහොත් බොහෝ දෙනෙක් ස්මාට් ජංගම දුරකථන භාවිත කරන්නන් බව හෙළිවෙලා තිබෙනවා. එම තරුණ පිරිස් එකවර වේලාවක් කන සහ මොළය යන ඉන්ද්‍රියන් වැඩි වේලාවක් වෙහෙස කිරීම නිසා අප තරුණ පරපුර සිටින්නේ දැඩි අවදානමක කිව්වොත් නිවැරදියි. ඒ නිසා මේ ගැන දෙමාපියන් අවධානයක් යොමුකළ යුතුයි.

 කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මලින්ත ද සිල්වා මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත්වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම මරණය මොළයේ නහරයක් පුපුරා යෑමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කළාය.

ප්‍රදීප් - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.