Jul 13

කොවිඩ් ආසාදනය වු ආරක්ෂකයා තංගල්ල නගරයේ ස්ථාන රැසක ඇවිදලා


තංගල්ල, පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ගොස් සිට යලි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර ප්‍රකාශ කර සිටිනවා.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා පසුගිය ජුලි මස 05 වෙනිදා නිවාඩු ලබා කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපන කිරිමේ මධ්‍යස්ථානයේ සිට බස් රථයකින් කොළඹට පැමිණ ඇති අතර පසුව ඔහු එතැන් සිට අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයකින් මාතරට පැමිණ තිබෙනවා.

මාතර නගරයට පැමිණි එම ආරක්ෂක අංශ සාමාජිකයා කතරගම බලා යන බස් රථයකින් තංගල්ල, පට්ටිපොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ තිබෙනවා.

ජුලි 06 සහ 07 යන දිනයන් හිදී මෙම ආරක්ෂක අංශ සාමාජිකයා සිය නිවසේම කල් ගත කොට ඇති අතර එම කාලයේදී අසල්වැසි නිවාස කිහිපයක පුද්ගලයින් ඇසුරු කිරිම හේතුවෙන් නිවස 09ක ජිවත් වන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියා.

ඊට අමතරව එම ආරක්ෂක අංශ සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකු යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන ගොස් තිබෙනවා.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා පසුගිය ජුලි 08 වෙනිදා තංගල්ල ධිවර වරායට පැමිණ ඇති අතර 09 වෙනිදා එහි පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය මගින් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුව ඔහු තංගල්ල නගරයේ පිහිටි සුපිරි වෙළදසැලකින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලට ගෙන ඇති අතර නගරයේ වෙළදසැල් කිහිපයකටම සහ රාජ්‍ය ඔසු සැලටද ගොස් ඇත. පසුව මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල බස් නැවතුම්පොළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයකින් කොණ්ඩය ද කපා තිබෙන බවට හෙළිවී තිබෙනවා.

පසුව යලි නිවසට පැමිණි ඔහු එදින සවසම හමුදාවේ මිතුරන් කිහිපදෙනෙකු සමග යතුරු පැදි වලින් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් ඇත.

එලෙස ජුලි 09 වෙනිදා යලි මධ්‍යස්ථානයට යාමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇත්තේ.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල නගරයේ ස්ථාන රැසක සංචරණය කොට ඇති බැවින් ඔහුගේ ආශ්‍රිතයින් සොයමින් සිටින බවත් මේ හේතුවෙන් ජනතාව අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට ඒමෙන් වැලකි සිටීම යහපත් කරුණක් බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම ආරක්ෂක අංශ සාමාජිකයා කොණ්ඩය කැපීම සඳහා ගිය තංගල්ල බස් නැවතුම්පළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයෙන් සේවාවන් සපයා ගත් පුද්ගලයින් ගැන ද අවධානය යොමු කොට තිබෙන බව පැවසූ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එලෙස සේවා සපයා ගත් පුද්ගලයින්ට විශේෂ පණිවිඩයක්ද ලබා දෙනු ලැබුවා.

එනම් ජුලි 09 වෙනිදා දහවල් 12.00 පසුව එම සැලුනයෙන් සේවා සපයා ගත් පුද්ගලයින්වේ නම් ඔවුන් තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දුරකථන අංක 047-2240278 ඔස්සේ අමතන ලෙස වෛද්‍ය ජගත් ගජධීර දැනුම් දී සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.