Jul 12

පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අද !


දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්‍ෂණවල වාර්තා අද (12) දිනයේ ලැබීමට නියමිතයි.

ඒ අතරට රාජාංගණයේ දරුවන් 90 දෙනාගේ සහ හබරාදූවේ දරුවන් 25 දෙනාගේ හා ගුරුවරුන්ගේ ප‍්‍රතිඵලද අයත්. රාජාංගණයේ පමණක් 300 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හබරාදූව ප‍්‍රදේශයෙන් ඊයේ (11) හඳුනාගත් ආසාදිතයා ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙක්. ඉකුත් පළමු වැනිදා නිවාඩු ලබා පැමිණ ඇති ඔහු ගාල්ල හා හබරාදූව යන නගරවල ස්ථාන කිහිපයකම සංචාරය කර ඇති බවටයි මේ වනවිට වාර්තා වී ඇත්තේ.

හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩිල්ෂාන් හතරසිංහ සදහන් කළේ මෙම පුද්ගලයා සමීපව ඇසුරු කළ පිිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.

හබරාදූව ප‍්‍රදේශයේ සැලකිය යුතු පිරිසක්ද මේ වනවිටත් නිරෝධායනය කර අවසන් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මෙරට පළමුවරට පාසල් දරුවෙකුට කොරෝනා ආසාදනයවීමේ පුවතක් ඊයේ වාර්තා වූයේ රාජාංගණය යාය 05 ප‍්‍රදේශයෙන්.

මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 11 හැවිරිදි වියේ පසුවන අයෙක්. කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මෙම දරුවාගේ පියාට පළමුව කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා. ඔහුගේ අවුරුදු එකහමාරක වියේ පසු වූ තවත් දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ තහවුරු වුණේ. මෙම පුද්ගලයා සහ වැඩිමහල් දරුවා සමීපව ඇසුරු කළ පිරිස් සොයා ගැනීමේ අරමුණින් රාජාංගණය ආශි‍්‍රත ප‍්‍රදේශවලට සංචරණ සිමා පනවා ඇති බවයි අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක සදහන් කළා.

ඔහු කියාසිටියේ අද දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වාර්තාවලින් පසු රාජාංගණය ප‍්‍රදේශය ආශි‍්‍රතව ගත හැකි සීමා තීරණය කිරීමට හැකිවෙනු ඇති බවයි.

අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සදහන් කළේ රාජාංගණය ප‍්‍රදේශයේ දරුවන් 90 ක් සහ පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනයට ලක් කරන බවයි.

කන්දකාඩු කොරෝනා පොකුරෙන් පළමු වරට සමාජයෙන් වාර්තා වූ කාන්තාව වූයේ මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයෙන් හමු වූ කාන්තාවයි. ඇයද කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවක්. ඇයගේ මවද උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කළ බවයි පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු සදහන් කළේ.

කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් 116 දෙනෙකුගේ පවුල්වලට අයත් 441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයේ සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මුන්දලම දිසා රෝහලට ඇතුලත් කළ 22 හැවිරිදි තරුණයෙකු ද හලාවත රෝහලට මාරු කර යැවීමේ දී ජීවිතක්‍ෂයට පත්ව තිබුණා. කෙසේවෙතත් මියගිය තරුණයාගේ PCR පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

-nethnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.