Jul 30

අංගොඩ ලොක්කාගේ කුඩු බෙදු "මුහුදු රාජාලියෙකු" අල්ලයි


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'අංගොඩ ලොක්කා' නමැති පාතාල සාමාජිකයා විසින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන මුහුදු රාජාලියෙකු මීගොඩ, නාවලමුල්ල, කනත්ත පාර ප්‍රදේශයේ 'අංගොඩ ලොක්කා' නමැති පාතාලකරුගේ සමීපමතමයෙකුට අයත් සත්ත්ව ගොවිපළක සිර කර සිටියදී සිය භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් හා එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම මුහුදු රාජාලියා සහ ගොවිපළෙහි සිටි සේවකයින් දෙදෙනෙකු ද වායු රයිෆලයක් ද සමගින් සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.

අදාළ සත්ත්ව ගොවිපළට ඇතුළුවීම තහනම් බවට පුවරුවක් යෙදූ ගේට්ටුවක් සවි කර, සුනඛයින් විශාල සංඛ්‍යාවක් ගොවිපළ වටා ආරක්ෂාව සඳහා යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබූ බව ද පොලිසිය පවසයි.

මෙම මුහුදු රාජාලියා වෙනත් රටක සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

බත්තරමුල්ල වනජීවී හදිසි වැටලීම් ඒකකය සඳහන් කළේ, ‘කුස ඇලි මුහුදු රාජාලියා‘ නමින් හඳුන්වන මෙම මුහුදු රාජාලි පක්ෂීන් කූඩු කර ඇති දැඩි කිරීම නීතියෙන් තහනම් බවත් මෙවැනි වැඩුණු මුහුදු රාජාලියන්ට කිලෝ 15 පමණ බරක් ඕනෑ ම තැනකට රැගෙන යාමේ හැකියාව මෙන් ම එලෙස පුහුණු කළ හැකි පක්ෂියෙකු බවත්ය.

එම මුහුදු රාජාලියා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවද එම ඒකකය පැවසීය.

චම්පා ජීවන්ති - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.