Jul 15

කොරෝනා සමාජ ව්‍යාප්තියක.. සීමා පනවන්න.. - විශේෂඥ වෛද්‍යවරුන් රජයට කියයි..


වෛරසයේ වත්මන් භූගෝලීය ව්‍යප්තිය දෙස බැලීමේදී එය සමාජ ව්‍යප්තියක් දක්වා වර්ධනයවී ඇති ආකාරයක් පෙන්නුම්කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය දැඩි සත්කාර මට්ටමට වර්ධනය වුවහොත් රටේ සෞඛ්‍ය පහසුකම් සමග සැලකීමේදී බරපතළ තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි.

තවදුරටත් ප්‍රමාද නොවී මේ තත්ත්වය වර්ධනයවීම වැළැක්වීමට අවශ්‍ය සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් විශේෂයෙන් සඳහන් කරන්නේ ජනතාව ඒකරාශීවන දේශපාලන රැස්වීම් තවදුරටත් පැවැත්වීම, උපකාරක පංති පැවැත්වීම සහ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසයි.

පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍යමය සීමා යළි පැනවීමේ අවශ්‍යතාව ද ඔවුන් අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ අහඹු පරීක්ෂණ සමාජය තුළ සිදුකිරීම සහ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම ද අත්‍යාවශ්‍ය බවයි.

මේ අතර මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදුකිරීමේ අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයත් අවධාරණය කරයි.

මෙතෙක් රටතුළ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

මසකට අවම වශයෙන් පරීක්ෂණ හැටඅටදහසක් සිදුවිය යුතු බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සඳහා දිනකට 2500 ක්වත් පරීක්ෂණ සිදුකළ යුතු බව අවධාරණය කරයි.

සංචරණ සීමා නොමැති නිසා මුළු රටම ආවරණයවන පරිදි අහඹු නියැදි පරීක්ෂා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයයි.

– newsfirst.lk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.