Jul 08

නොම්මර එකේ පාතාල කෙරුමා ‘බැබා’ අතුරුගිරියේදී අත්අඩංගුවට


දැනට විදෙස් රටක සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කාගේ හා අතුරුගිරියේ ලඩියාගේ ප්‍රබල ගෝලයකු වන ක්‍රිෂාන් නිලංග දාබරේ (26) හෙවත් බැබා නමැත්තා අතුරුගිරියේ, ශාන්තාලෝකගම ප්‍රදේශයේ පිහිටි අර්යානා මහල් නිවාස සංකීර්ණය අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරු මත පෙරේදා (06දා) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 120ක් සමඟ මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

2017 වසරේදී කළුතර එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක රණාලේ සමයං ගමන් ගත් බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් තිබිණි.

මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් සමඟ සබඳතා පවත්වමින් එවක ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ සමයංගේ කල්ලිය විනාශ කිරීම සඳහා ලොක්කා සහ ලඩියා කටයුතු කර තිබිණි.

තවද ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, මරණ තර්ජන ආදිය දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් එරට සිට සිදු කරමින් සිටින අතර එම කටයුතුවලට ඍජුවම සහාය දී ඇත්තේ බැබා නමැති මෙම සැකකරු බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

රණාලේ සමයංගේ ගෝලයකු වූ නිමල්සිරි පෙරේරා හෙවත් ‘පොඩි සුදු’ නමැත්තා 2018 වසරේ මාර්තු මස 19 වැනිදා අතුරුගිරිය, ගල්වංගුව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද බැබා නමැති පාතාල සාමාජිකයා බව එම බළකාය හෙළි කරගෙන ඇත.

තවද 2018 වසරේ මාර්තු 26 වැනි දින මාලඹේ ජෝතිපාල මාවතේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතාගේ ලේකම්වරයකුගේ නිවෙසකට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද බැබා බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

එසේම තලංගම ප්‍රදේශයේදී එම වසරේ පෙබරවාරි 18 වැනිදා සමයංගේ ගෝලයකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමකදී එම ඉලක්කය වැරැදි වෙඩි ප්‍රහාරය පාරේ ගමන් ගත් කාන්තාවකට වැදී ඇය බරපතළ තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද බැබා බව එම බළකාය කියා සිටී.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අංගොඩ ලොක්කාගේ හා ලඩියාගේ උපදෙස් මත බෙදා හැරීමේ ජාලය මෙම සැකකරු විසින් ක්‍රියාත්මක කර ඇති බවද විමර්ශනවලදී හෙළිව ඇත.

තවද අතුරුගිරිය ප්‍රදේශයේ ඉදිවන මහල් නිවාස සංකීර්ණයේ හා හෝටල් ව්‍යාපෘති සඳහා මෑන් පවර් සේවාව හරහා එම වැඩබිම්වලට කම්කරුවන් බලයෙන් යෙදවීමේ වැඩපිළිවෙළක්ද මොහු විසින් මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, එහි බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්නේපිටිය, සහකාර පොලිස් අධිකාරි කමල් ප්‍රනාන්දු මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම මත එහි නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් ක්‍රිෂාන් නිලංග නොහොත් ‘බැබා’ නමැත්තා ඊයේ (07දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයකු වන ගගන නමැත්තාගේ ගෝලයකු ලෙස සැලකෙන ‘මහරගම බුබුලා’ නමැත්තා තියුණු ආයුධයක්ද සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම දෙමහල් නිවෙසක සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ගංජා පැළ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

චාමර අමරසූරිය, මාලඹේ - රාජිකා රණසිංහ
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.