Jul
31
වැලිකඩ බන්ධනාගාර ඝාතන, විත්තියේ සාක්ෂි කැඳවීමට දින නියම වෙයි
වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම් අතරතුර සිරකරුවන් 8 දෙනෙකු මරා දැමූ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු තිබෙන නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම ලබන අගෝස්තු මස 19 වන දින සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (31) නියෝග කළේය.
ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.
මෙම නඩුවේ චුදිතයන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියුමාල් රන්ගජිව, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන අය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අනුව පළමු විත්තිකරුගේ පළමු හා පහළොස් වන සාක්ෂිකරුවන්ට ලබන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.
2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 8 දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි .
පැමිණිල්ල විසින් මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 35 දෙනෙකු සහ නඩු භාණ්ඩ 78ක් සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පසුගිය දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කර තිබිණි.
- මව්බිම