Jun 17

මරණාසන්න කොරෝනා රෝගීන්ගේ දිවි ගලවා ගත් ඖෂධය


කොරෝනා වෛරසයෙන් සිදුවන ජිවිත හානි අවම කර ගත හැකි ඖෂධයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය පර්යේෂකයින් සමත්ව තිබෙනවා.

මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අවම කරන dexamethasone නම් වූ ඖෂධය මගින් එම සාර්ථක ප්‍රථිපල අත්කර ගැනීමට හැකිවූ බවයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.

කොවිඩ් 19 වසංගතයට ප්‍රතිකාර කිරීමට හැකි ඖෂධයක් සොයා බැලීම සඳහා ලොව රටවල් ගණනාවක් විවිධ ඖෂධ අත්හදා බැලීම් සිදුකරනු ලබනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදිතව සිටි රෝගීන්ට dexamethasone ඖෂධය ලබාදී තිබුණේ මුලික අදියරේ සායනික පර්යේෂණයක් සඳහාය.

ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් වෛරසය ආසාදනය වී ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් සිටි පුද්ගලයින්ගේ මරණ අනුපාතය සීයයට 40 සිට 28 දක්වා අවම කිරීමට හැකිව තිබුණා.

එමෙන්ම ඔක්සිජන් ලබා දෙමින් සිටි රෝගීන්ගේ මරණ අනුපාතය සීයයට 25 සිට 20 දක්වා අවම වූ බවයි මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවනු ලබන මහාචාර්ය පීටර් හොර්බි ප්‍රකාශ කර සිටියේ.

මෙම ඖෂධය රෝගියෙකුට ලබාදිය යුත්තේ දින 10ක කාලයක් පමණක් බවත් මෙය ලොවපුරා රටවල බහුලව ඇති ඖෂධයක් බවද මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සොයා සිදුකරන පර්යේෂණය හමුවේ මෙම ඖෂධය සොයා ගැනීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බවයි මහාචාර්ය හොර්බි කියා සිටියේ.

බ්‍රිතාන්‍ය තුළ සිදුවූ කොරෝනා ව්‍යාප්තියේ මුල් අවධියේදී මෙම ඖෂධය හඳුනා ගෙන තිබුනේ නම් සිදුවූ මරණ 5000ක් අඩු කර ගැනීමට තිබු බවයි එම පර්යේෂක කණ්ඩායම සඳහන් කර සිටියේ.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.