May
11
විෂබීජහරණ පාපිස්නයක් මෙන්න
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන හොරණ වල්පිට පින්නකොළහේනේ පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයන්ත මහතා විසින් මෙය නිර්මාණය කර ඇත. ඔහු පවසන්නේ දෙපා මඟින් ශරීරයට විෂබීජ ඇතුළු වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙන බවයි.
මෙම පාපිස්නය නිවෙස් වලට, කාර්යාල වලට සහ කර්මාන්ත ශාලා වලට යනාදී වශයෙන් වෙන වෙන ම නිර්මාණය කිරීමට හැකි බව ඔහු පවසයි.
මීට පෙරද නව නිපැයුම් කිහිපයක් කර ඇති තිළිණ පවසන්නේ තමන්ට යම් කිසි ආයතනයක් අනුග්‍රහය දක්වනවා නම් ඔවුන් සමග මෙම කටයුත්ත ඉදිරියට රැගෙන යා හැකි බවය.
ඔහුව සම්බන්ධ කර ගැනීම සඳහා මෙම අංකයට කතා කරන්න 0759208208



