Apr 19

පාස්කු බෝම්බ සැකකරුවන් අල්ලන්න සුක්ෂම මෙහෙයුමක්


පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීමට අඩපණව තිබූ පරීක්ෂණ ඉතාමක් ශූක්ෂමව යළි ආරම්භ කර, බුද්ධි අංශ ක්‍රියාත්මක කිරීමෙන් ඊට සම්බන්ධතා දැක්වූවන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උතුරු සංචාරය අතරතුරදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති නිළධාරී හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු පැනයන්ට පිළිතුරු දෙමිනි.

යාපනය,  කිලිනොච්චිය,  මුලතිව් යන ප්‍රදේශවලද ආරක්‍ෂක ලේකම්වරයා සංචාරය කිරීමෙන් අනතුරුව වවුනියාව පිහිටි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් වන්නි අඥාපති මේජර් ජනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුධහමුදා නිළධාරීන්ද, නාවික, ගුවන්, සිවිල් ආරක්ෂක නිළධාරීන්ද, පොලිස් හා විශේෂ කාර්ය බලකාය ආදී නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවද  එහිදී ආමන්ත්‍රනය කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබඳවත් ඒ සඳහා ආරක්‍ෂකයන්හි දායකත්වය පිළිබඳව ලේකම්වරයා මෙහිදී සොයා බැලීය.

වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන් නීතිය හමුවට රැගෙන එන බවත් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකරන බවයි.

“අපේ රටට උවදුරක් වෙන්න ආ වසංගතය මර්දනය කරගෙන ඉන්නත් රටේ ජනතාව ඒ වසංගතයෙන් බේරා ගන්නත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනවත් නොසිතා කටයුතු කල නිළධාරීන්ගේ සේවය ඇගයීම හා දිරිමත් කිරීම සංචාරයේ අරමුණයි.

මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාවක් නමුත් කවදද මැතිවරණය පැවැත්වෙන්නේ කේසේද යන්න තවමත් තීරණයක් නෑ ඒ සඳහා බලපාන්නේ මේ රෝගයයි, එය මේ රටේ තවදුරටත් පැතිරෙයිද පාලනය කරගැනීමට හැකිවෙයිද, යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර අනුවයි එය තීරණය වන්නේ. ආරක්ෂක අංශ වල, සෞඛ්‍ය අංශවල කැපවීමත් අතිගරු ජනාධිපතිතුමාගෙත් හා අගමැතිතුමාගේත් උපදෙස් අනුව විශ්වාසයක් තිබෙනවා මේ රටේ ජනතාවට හානියක් නොවෙන්න වෛරසය පාලනය කරගන්න පුළුවන් කියලා.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවත් රාජ්‍ය සේවය නැවතිලා නෑ ජනතා සේවයේ යාන්ත්‍රනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා එහි අඩාල වීමක් දක්නට ලැබෙන්නේ නෑ “ යනුවෙන් ඒ මහතා මාධ්‍ය වේදීන් ඇසු පැනයන්ට පිළිතුරු දෙමින් පැවසීය.

එම අවස්ථාවට ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිළධාරීන් රැසක් සහභාගි වී සිටියහ. කෙසේ වෙතත් වෙනදා මෙන් නොව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතා කරමින් ඊට සහභාගි වී සිටිමට නිළධාරීන්ට සිදුවිය.

– චන්ද්‍රනාත් බංඩාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.