Jun
08
අපිට පුහුණු තරගයක් ඉන්දියාව ශ‍්‍රීලංකා පිලට කොචොක් කරයි පැරදුනොත් ලංකාව ගෙදර
චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ගමන තීරණය වන තීරණාත්මක සටන අද (08 දා) ඉන්දියාව සමගින් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතය.
1979 දී ශ්‍රී ලංකාවේ මංගල එක්‌දින ක්‍රිකට් ජයග්‍රහණය ඉන්දියාවට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව දෙරට මුණ ගැසෙන 150 වැනි සන්ධිස්‌ථානය අද සටහන් වන අතර එය දෙපිලටම විශේෂ තරගයක් බවට පත්ව තිබේ.
ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද එක් කණ්‌ඩායමකට එරෙහිව 150 වැනි තරගයට ක්‍රීඩා කරන පළමු අවස්‌ථාව මෙය බවට පත්වෙද්දී ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 54 ක් සහ ඉන්දියාවට ජයග්‍රහණ 83 ක් බැගින් බෙදී ගොස් තිබේ. ඒ අතරවාරයේදී සම සමව එක් තරගයක් සහ විසඳුමකින් තොරව තරග 11 ක්‌ද අවසන් වී ඇත.
ඉන්දියාව සහභාගි වූ පළමු තරගය පකිස්‌තානයට එරෙහිව ජය ගත්තද ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පැමිණීමට නම් ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය දෝතට ගත යුතුම වේ. නමුත් 2014 වසරේ සිට පිට පිටම පස්‌වරක් ඉන්දියානුවන් ශ්‍රී ලංකාව පරාජයට ඇද දැමීමට සමත්ව තිබීමද විශේෂත්වයකි. කෙසේ නමුත් අද තරගයේදී ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්‌ඩායමට දායකත්වය ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකාව සුබවාදී මනසකින් ප්‍රබල ඉන්දියානුවන්ව මට්‌ටු කිරීමට උත්සහ කරමින් සිටියි.
ඊයේ පුහුණු සැසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහත් උනන්දුවෙන් සිය සටනට මුවහත් වූ අතර එහිදී අවසන් සංයුතිය පිළිබඳව තීරණය කරනු ලබන්නේ අද උදෑසන බව කණ්‌ඩායම් කළමනාකාරීත්වය පැවසීය. නමුත් ඉන්දියාව ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණියේ තෙවැනි ස්‌ථානයේ සිටින අතර අද දිනයේදී ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කර දැමුවහොත් අවසන් පූර්ව වටයේ ස්‌ථානයක් පහසුවෙන්ම වෙන්කර ගනු ලබයි.
දකුණු අප්‍රිකානු තරගයට ක්‍රීඩා කළ සංයුතියේ වෙනස්‌කම් කිහිපයක් අද තරගයේදී සිදුවීමට වැඩි අවස්‌ථාවක් ඇති අතර එහිදී තිසර පෙරේරා, සීක්‌කුගේ ප්‍රසන්න සහ ලක්‍ෂාන් සඳකැන් තිදෙනාගෙන් දෙදෙනකු ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක් නිර්මාණය වී තිබේ.