Jun
23
දොස්තර ගුටි කෙළියෙන් 1ක් රෝහලේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකින් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ පිළිබඳ කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ අදාළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් මත ගැටුම හටගෙන ඇති අතර වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.