May
19
රනිල්ගේ “Favourite න්‍යාය” නිසා එජාප ඇමතිවරු රැසක් කළකිරෙයි
එජාප නායකත්වය විසින් සිය පෞද්ගලික රුචිකත්වය මත ආණ්ඩුවේ වගකීම් පැවරීම නිසා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, වසන්ත සේනානායක සහ හර්ශණ රාජකරුණා, මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරු ඇතුලු දක්ෂ තරුණ මන්ත්‍රීවරු රැසක් දැඩි කළකිරීමකට පත්ව ඇති බව වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කැමැත්ත මත පමණක් පදනම් වී අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක යන මහත්වරුන්ට පමණක් සියලු තීරණ ගැනීමට ඉඩ හැරීම මත යහපාලන රජය ගෙන ඒම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියාකල මෙම තරුණ මන්ත්‍රී කණ්ඩායම දැඩි කළකිරීමට පත්ව ඇත.
මෙම මන්ත්‍රී කණ්ඩායම කොළඹදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වා මේ පිළිබඳ කරුණු ජනතාවට ප්‍රකාශ කිරීමට මෙම පිරිස සූදානම් වුවද නුදුරේදීම සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන විශ්වාසය තබා මාධ්‍ය සාකච්ජාව කල් දැමීමට තීරණය කර ඇත.
පොදු අපේක්ෂකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ තමන්ව ජනාධිපතිවරයා කිරීමට මෙම තරුණ මන්ත්‍රී කණ්ඩායම දැඩි වෙහෙසක් ගත් බවත් ඔවුන්ට ආණ්ඩුවේ වගකීම් පවරා ජනතාවට සේවය කිරීමට ඉඩ ලබාදිය යුතුය යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම එජාප නායකත්වයට දැනුම්දී තිබේ.
මෙම සතියේදී සිදුවන කැබිනට් සංශෝධනයේදී මෙම ගැටලුවට විසඳුමක් හිමි නොවුනහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍ය කණ්ඩායම සූදානමින් සිටින බව අතීශය විශ්වාසදායි ආරංචිමාර්ග තහවුරු කර තිබේ.