May
26
මහ වැසි මහ ගං වතුරක් පුද්ගලයින් 23කට වැඩි පිරිසක් මරුට
අධික වර්ෂාවත් සමග මේ වන විට ප්‍රදේශ රැසකින් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, පස් කඳු කඩා වැටීම්, නායයාම් හා ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් රැසක් සිරවී ආපදාවට ලක්ව ඇති බව ය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළුතර, බුලත්සිංහල ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් ආපදාවට ලක්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බව ය.
මේ අතර බෙල්ලන, මාවතගම සිදුවූ නායයාමකින් නිවාස 3ක් මුළුමනින්ම විනාශ වී තිබේ.
මේ වන විට ඒ අවට ප්‍රදේශවල ජනතාව ඉවත් කර තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ, මේ වන විට 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව ය.
ඉන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.
අධික වර්ෂාවත් සමග ගිං, නිල්වලා සහ කළු ගංගාවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අත්තනගලු ඔය හා බෙන්තර ගඟ ද පිටාර මට්ටමට ආසන්න ය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂපාන විමලසුරේන්ද්‍ර ජලාශ්‍රය වාං මට්ටම ඉක්මවා ගොස් තිබේ.
මේ අතර ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ගාල්ල බද්දේගම ඇතුළු ප්‍රදේශයේ මාර්ග අද පෙරවරුවේ ජලයෙන් යටවිණි.
බලපිටිය, මාදුගග, ඕවිලාන, පාතමුල්ල ප්‍රදේශයේ නිවාස 30ක් ජලයෙන් යට වී තිබේ.
හම්බන්තොට, වරාපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 100 දෙනෙකු ගංවතුර හේතුවෙන් සිරවී සිටින බව වාර්තා වේ.