Mar
17
කොල්ලකරුවන් සත පහක්වත් නැතිව ශ‍්‍රී ලාංකිකයන් සහිත නැව මුදා හැරි හේතුව මෙන්න
සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබූ ශ‍්‍රී ලංකා කාර්ය මණ්ඩලය සහිත බේරා ගැනීමට හැකිවීම විශාල රාජතාන්ත‍්‍රික ජයග‍්‍රහණයක් බව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වෙමින් මෙරට ආරක්‍ෂක අංශ වෙත උපදෙස් දී තිබුනේ ශ‍්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සදහා සෝමාලියානු ආරක්‍ෂක අංශ සමග සම්බන්ධිකරණයෙන් කටයුතු කරන ලෙසයි.
මේ අතර රොයිටර් පුවත් සේවය වෙත එක් සෝමාලි කොල්කරුවෙක් පවසා ඇත්තේ මෙම නෞකාව කොන්දේසි විරහිතව මුදාහරිනු ලැබුවේ සෝමාලියානු ව්‍යාපාරිකයෙක් විසින් එය කුලියට ලබා ගෙන තිබූ බව දැනගත් නිසා බවයි.
අසෝසියේටට් ප්‍රෙස් වාර්තාවක් සදහන් කර ඇත්තේ මෙම පැහැරගැනීම වනාහී 2012න් පසු සෝමාලියානු මුහුදු කලාපයේ දී විශාල ප්‍රමාණයේ නාවික යාත්‍රාවක් පැහැර ගන්නා ලද පළමු අවස්ථාව බවත් කලින් ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ මුර සංචාර විසින් එවැනි ප්‍රහාරයන් මැඩපවත්වා තිබුනු බවත්ය.