Mar 19

අැඟ ලස්සන නම් බිකිනියක් අැන්දම මොකද ?

අැඟ ලස්සන නම් බිකිනියක් අැන්දම මොකද ? ආයෙ නම් මම කාටවත් Love කරන්නෙ නැහැ  හිතුනම ඩ්‍රින්ක් එකක් ගන්නවා

ආක්ෂා... මොකද මේ දවස්වල කරන්නේ?

ම්...ම්....මියුසික් වීඩීයෝ කීපයක්ම රිලීස් වෙන්න තියෙනවා. ඒ දේවලූ‍ත් එක්ක තව වැඩ කීපයක්ම එන්න තියෙනවා. ආයෙමත් මේ මාසෙ අන්තිමට මම ඉන්දියාවට යනවා.


මුලින්ම ඉන්දියාවට ගියේ කොයි කා‍ලෙදිද?

මම මුලින්ම ඉන්දියාවට ගියේ ස්වර්ණවාහිනියේ ෆ්‍රෙණ්ඩ්ස් කියන ඩ්‍රාමා එක නිසයි. ඒ 2010 අවුරුද්දෙදි විතර. ඒක තමයි මගේ මුල්ම නාට්‍යය. ඒකෙදි මට බොහෝ අය හඳුනාගන්න ලැබුණා. ඒකෙන් පස්සේ මම කීප වතාවක්ම මාස හතර පහකට ඉන්දියාවට ගියා. ආයේ ආවා.

ඉන්දියාවේ වැඩවලටත් ආක්ෂා සම්බන්ධ වුණා නේද?

මුලින් මම ඉන්දියාවේ චිත්‍රපටයක රඟපෑවා. ඊට පස්සේ මට එහෙම දැවැන්ත චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න නම් ලැබුණේ නෑ. ඊට පස්සේ මම ලංකාවට ඇවිත් නැටුම් තරගයකට ඉදිරිපත් වුණ නිසා ඉන්දියාවත් එක්ක තිබුණු සම්බන්ධය ටිකක් අඩුවුණා. ඉන්දියාවේ චිත්‍රපටයකට දායක වෙන එක ලේසි නෑ. ඒකට දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕනේ. ඉන්දියාවේ පොඩි වැඩකට සම්බන්ධ වීමත් හරි අමාරුයි.

භාෂා කීපයක් ඉගෙන ගත්තෙ කොහොමද?

මට භාෂා තුන හතරක් පුළුවන්. පොඩි කාලේ ඉඳන්ම ඕනෑම දෙයක් මම ටක්ගාලා ඉගෙන ගන්නවා. මගේ අම්මි මුස්ලිම් කාන්තාවක්. තාත්තී බෞද්ධ. ඉතින් මගේ අම්මිගේ පුවලේ අයට දමිළ භාෂාව කතාකරන්න පුළුවන්. හින්දි කතා කරන්න පුළුවන්. මාත් චූටි කාලේ ඉඳන් ඒ දේවල් කතාකළා. හින්දි ෆිල්ම් ටැමිල් ෆිල්ම් ගොඩක් බැලූ‍වා. එහෙම නැතිව ක්ලාස් ගිහින් මම කිසිම භාෂාවක් ඉගෙන ගත්තෙ නෑ.

ආක්ෂා මේ පාර ලංකාවට ආවේ හොඳටෝම කෙට්ටු වෙලා. ලස්සන වෙලා. මොකක්ද මේ වෙනස?

ගිය අවුරුද්දේ මස පහක් විතර හිටියේ මගේ ඥාති සොහොයුරියකගේ ගෙදර. මට හිතුණා එහේ ගිහින් මගේ ඇඟ හදාගන්න ඕන කියලා. ලංකාවේ හිටියොත් ඒක කවදාවත් වෙන්නෙ නෑ කියලා මම දැනගෙන හිටියා. මගේ අම්මිට හරි රසට කෑම හදන්න පුළුවන්. අනික මටත් හරි රසට කෑම හදන්න පුළුවන්. ඉතින් මගේ වැඩේම මෙහෙදි හිටියොත් උයනවා, කනවා. එහෙම නැත්නම් අම්මිගේ කෑම කනවා. ඉතින් කාලා කාලා මහත් වෙන එක විතරයි මෙහෙදි වෙන්නේ.

එතකොට ඉන්දියාවේ ගහින් කෑවේ මොනවද?

ඉන්දියාවේ ඉන්න මගේ අක්කි සෞඛ්‍ය ගැන ගොඩක් හිතනවා. ක්ෂ‚ක ආහාරවලට එයාලා හුරුවෙලා නෑ. ආහාර පාලනය කරනවා. ඒ නිසා මට හිතුණා එහේ ගියොත් එයත් එක්ක එකතුවෙලා අනිවාර්යයෙන් මේකෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා. හිතපු විදිහට මම ජයගත්තා. මම එහේදී ව්‍යායාම් කළා. ආහාර පාලනය කළා. කිලෝ දහයක් අඩුකරගෙන ලස්සනට ඇඟ හදාගෙන මම ලංකාවට ආවා.

දැන් ඉතින් අම්මගේ කෑම කන්නේ නැද්ද? තාමත් කෑම පාලනය කරනවද?

මම දැන් බත් කන්නෙම නෑ. බත් කන එක එහෙම්පිටින්ම දැන් නතර කරලයි තියෙන්නේ. මේ දවස් ටිකේම මම කන්නේ පළතුරුයි, එළවළුයි, ප්‍රෝටීන් වැඩි කෑමයි විතරයි. ඊයේ හවස මගේ ඔළුව කැරකිල්ල වගේ හැදිලා මම ගිහින් චෙක් කළා. ඒකත් ප්‍රශ්නයක් නෑ. මම ගොඩක් දවසකින් බත් කාලා නෑ. ඒක අමාරුයි. ඒ අමාරුව මම කොහොමහරි ඉවසගෙන ඉන්නවා.

ආක්ෂා ව්‍යාපාර පැත්තටත් යොමුවුණා නේද? කොහොමද දැන් ඒ කටයුතු?

ඔව් මම ඒ ව්‍යාපාරයත් කරගෙන යනවා. ඇඳුම්, සපත්තු, හෑණ්ඩ්බෑග් ව්‍යාපාරයත් මම කරගෙන යනවා. ඉන්දියාවෙනුත්, බැංකොක් වලිනුත් ඒ දේවල් ගේනවා. ඒවාත් සුපුරුදු විදිහට කරගෙන යනවා.

ආක්ෂා ටිකක් විනෝදයට බර, ක්ලබ් යන, සෙල්ලක්කාර චරිතයක්නේ. කාලෙන් කාලෙට ආක්ෂා ගැනත් එක එක කතා හැදුණා. මොකද මේ ගැන කියන්නේ?

ඔව්... ඔව්... මට ගොඩක් කටකතා නම් හැදෙනවා. මම ආසයි හැමදාමත් සන්තෝසෙන් ජීවත් වෙන්න. මම දන්නෑ ඇයි කියලා මම ගොඩක් යාළුවන්ට ළං වෙනවා. යාළුවෝ ගොඩක් ආශ්‍රය කරලා මම ප්‍රශ්නවලටත් මූණදීලා තියෙනවා. හැබැයි දැන්නම් මම තෝරාබේරාගන ඒ විදිහට තමයි ඉන්නේ. මම කැමතියි විනෝදයෙන් ඉන්න. අපි කවුරුත් හැමදාම ජීවත්වෙන්න මේ ලෝකෙට ඇවිත් නෑ. අපි හැමෝම මැරෙනවා. ඒ නිසා ප්‍රශ්න මත්තේ මම ජීවත් වෙන්නෙ නෑ.

එතකොට ඔයා ගැන හැදෙන කතාගැන මොකද හිතෙන්නේ?

මිනිස්සු කියන කතා අපිට නතර කරන්න බෑ. කවදාවත් මිනිස්සු මේ කතා හදන එකත් නතර කරන්නේ නෑ. මිනිස්සු කතා හදනවා කියලා අපි ඒක ඔළුවට දාගෙන හිටියොත් අපිට ජීවත්වෙන්න ලැඛෙන්නේ නෑ. මානසිකව අපි පිස්සෝ වේවී. ඒ නිසා මටනම් කවුරුහරි මොනව හරි කිව්වොත් මම මේ කනෙන් අහලා මේ කනෙන් එළියට දානවා. හැබැයි කවුරුහරි කෙනෙක් අවංකවම මට අවවාදයක් කළොත් මම ඒ අවවාදය හරි එකක්නම් ඒක පිළිගන්නවා. එහෙම නැතිව ඔය කටකතාවලට මම බය වෙන්නෙ නෑ.

ආක්ෂාගේ ප්‍රථම ප්‍රේමය කොයි කාලේ ඇතිවුණ ප්‍රේමයක්ද?

ප්‍රථම ප්‍රේමය ඉස්කෝලේ යන කාලෙදි ඇතිවුණ ප්‍රේමයක්. ඒ පැත්තෙන් හිනා වෙනවා. මේ පැත්තෙන් හිනා වෙනවා. මුලින්ම එයා මට චොකලට් එකක් දුන්නා. ඒක අම්මට අහුවුණා. අන්තිමට චොකලට් එක කන එක පැත්තකින් තියලා අම්මගෙන් ගුටි කන්න සිද්ධ වුණා.

දැන් ආක්ෂා පෙම්වතියක්ද?

නෑ... මම කාලයක් පෙම්වතියක් වෙලා හිටියා. ඇත්තටම පෙම්වතියක් වුණ කාලේදී තමයි මම ඇඟ ගැනවත් හිතුවේ නැත්තේ. එයාට වුවමනා වෙලා තිබුණේ නෑ මම කෙට්ටු වෙනවා දකින්න. ඉතින් ඇතිතරම් මම කෑවා. ඒ සම්බන්ධය නතර වුණාට පස්සෙ ආයේ මම පෙම්වතියක් වෙන්නෙ නෑ කියලා හිතුවා. ඊටත් කලින් මම ජනප්‍රිය නළුවෙක්ගේ පෙම්වතියක් වෙලා හිටියා. ඉතින් මේ හැම දෙයක් එක්කම දැන් මට මගේ ජීවිතේ ඉලක්ක කීපයක් තියෙනවා. මට ඕනේ ඒ දේවල් දවසක හැබෑ කරගන්න. ඒ නිසා පෙම්වතියක් වෙන එක ගැන මම දැන් හිතන්නේ නෑ.

ආක්ෂාට අඩනිරැවතින් රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් ඒක බාරගන්නවාද?

හොඳ චරිතයක් නම්, හොඳ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ චිත්‍රපටයක්නම් මම ඒ ගැන හිතනවා. අඩනිරුවත් වෙනවා කියන්නේ මුළු ඇඟම පෙන්වනවා කියන එක නෙවෙයිනේ. තමන්ගේ ලස්සන පෙන්නන එකයි. තමන්ට ලස්සන ඇඟක් තියෙනවා නම් බිකිනි එකක් වුණත් අඳින්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ.

ඔබ මත්පැන් බොන කෙල්ලෙක් කියලා ඔබම කියලා තිබුණා?

විශේෂයෙන් කොළඹ ඉන්න බොහෝ ගෑනු ළමයින් ඔය පාටි එකකට ගියාම මත්පැන් ටිකක් ගන්නවා. ගෑනු ළමයි විතරක් නෙමෙයි ඇන්ටිලත් පාටි එකකදි වයින් ටිකක් ගන්නවනේ. ඒ නිසා මත්පැන් ගන්නේ නෑ කියලා මට බොරු කරන්න ඕනේ නෑ. සමහරු නම් කියනවා නෑ මම බෝතලයක් අල්ලලවත් නෑ කියලා. සාමාන්‍යයෙන් පාටියකට ගියාම ඩ්‍රින්ස් එකක් ගන්නවා කියන්නේ සාමාන්‍ය දෙයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.