Mar
06
ආනන්ද සහ නාලන්දා සුලෝහිත සංග්‍රාමයත් හොඳ හිතින් නිම වෙයි

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 144ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද කණ්ඩායම කඩුලු 8ක් දැවී ඉනිම අත්හිටුවන විට ලකුණු 190ක් ලබා සිටියේය.
ඒ අනුව ආනන්ද පළමු ඉනිමට වඩා ලකුණු 46ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ නාලන්දා කණ්ඩායම තරගයේ දෙවන සහ අවසන් දිනය වූ ඊයේ තරගය නිමාවන විට කඩුලු 04කට ලකුණු 286ක් ලබා ගැනීමට සමත්විය.
එහිදී කාගේත් කතා බහට ලක්වූ ලක්ෂිත රසාංජන තම ශතකය ලබා ගන්නා විට පන්දු 203 ක් පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 11ක් එල්ල කර තිබූ අතර තරගය නිමාවන විට ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යව නොදැවී ලකුණු 113ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබිණි. දෙවන ඉනිමේදී ලක්ෂිතට අනඟි සහායක් ලබාදුන් කසුන් සඳරුවන්ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. නාලන්දා පළමු ඉනිම ලකුණු 144කට සීමා කිරීම සඳහා කොළඹ ආනන්දයේ කවිශ්ක අංජුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර කොළඹ ආනන්දයේ පළමු ඉනිම වෙනුවන් ශම්මු අශාන් ලකුණු 67ක් රැස් කරමින් දස්කම් දැක්වීය.
තරග සාරාංශය
නාලන්දා පළමු ඉනිම
(පන්දුවාර 51.5කදී සියලුදෙනා දැවී) _ 144 (සුහාන්ග විජේවර්ධන 37, මදුශාන් හසරංග 31, කවිශ්ක අංජුල 3/37, චාමික ගුණසේකර 2/23)
ආනන්ද පළමු ඉනිම
(පන්දුවාර 47කදී කඩුලු 8කට) _ 190 (ශම්මු අශාන් 67, දුශාන් හෙට්ටිගේ 37, කලන පෙරේරා 3/35, අසේල කුලතුංග 3/47)
නාලන්දා දෙවන ඉනිම
(පන්දුවාර 75.2කදී කඩුලු 4කට) _ 286 (ලක්ෂිත රසාංජන 113, කසුන් සඳරුවන් 50, කවිශ්ක අංජුල 2/22)