Feb 24

පාසලට රැගෙන ගිය ආබාධිත දැරියට අතවර කළ 54 හැවිරිදි ත්‍රීවීල් රියැදුරා උසාවියට

කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් ළමයින් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක ගෙන යනු ලැබූ 13 හැවිරිදි ආබාධිත බාල වයස්කාර දැරියක් ත්‍රිරෝද රථය තුළදී එහි රියැදුරා විසින් අපයෝජනයට ලක්කරමින් සිටින අවස්ථාවේදී සැකකාර රියැදුරා අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි.

විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත දැරිය සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසුව ත්‍රිරෝද රථයේ නංවාගෙන තවත් ළමයින් පිරිසක් ඉගෙනුම ලබන තවත් පාසලක් ආසන්නයට යන බවත්, අනෙක් සිසුන්ගේ පාසල අවසන් වනතුරු බාල වයස්කාර දැරිය ත්‍රිරෝද රථයේ රඳවාගෙන අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවූ බව කඹුරුපිටිය පොලිසිය පවසයි. සැකකරු 54 හැවිරිදි දෙදරු පියෙකි.

දැරිය සිය මවුපියන් භාරයේ වෛද්‍ය පරීක්ෂණයන් සඳහා රෝහලට ඇතුළත් කර ඇත. කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. යූ. ජයශාන්ත මහතාගේ උපදෙස් පරිදි කඹුරුපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. පී. සරත් ශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.