Feb 20

මම ආදරවන්තියක් තමයි අම්මා වගේම එයාගෙන් ආදරයක් ලැඛෙනවා

කවින්ද්‍යා මේ දවස්වල ටිකක් වැඩ වැඩියිනේ නිවේදන කටයුතු රියැලිටි ෂෝවල කටයුතු සංගීත කටයුතු මේ හැම දෙයක්ම එක්ක. මේ දේවල් එක්ක අම්මා, මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද?


මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට රෑට තමයි අපි තුන්දෙනාම එකතු වෙන්නේ. ඒ වෙලාවට අපි එදිනෙදා දේවල් ගැන කතාබහ කරන්නේ.

කවින්ද්‍යාට ඔයාගේ අම්මගේ ආදරය තදින්ම දැනුණු දවසක් මතකද?

ගොඩක් අයට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න දවස් තියේවී. ඒත් මට මගේ අම්මි එකවගේම ආදරෙයි. ඒක මටයි මල්ලිටයි දෙන්නටම පොදුයි. ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ. විශේෂ දවසක් නෑ. හැමදාකම ඒ ආදරේ එක හා සමානව තියෙනවා.

තාත්තයි, අම්මයි දෙන්නම එක ළඟ නැති අඩුව තදින්ම දැනුණේ කවදද?

ඒක එහෙම විශේෂයක් නෑ. අම්මගෙන් මට කිසිම අඩුවක් දකින්නේ නෑ. ඒ හැම ආදරේ මට උපරිමයටත් වඩා අම්මගෙන් ලැඛෙනවා. ආදරේ විතරක් නෙවේ පුදුමාකාර රැකවරණයක්, ආරක්ෂාවක් ඒ ආදරේ ඇතුළෙ තියෙනවා. අම්මා මට දෙන ආදරේ මගේ ජීවිතේට හොඳටෝම ඇති.

කවින්ද්‍යා කියලා තිබුණා ඔබ ඉන්නේ මේ හැම දෙයක් ගැන කලකිරිලා. ඒ නිසා දවසක රට අතහැරලා යනවා කියලා.

නෑ.. ඒ කතාව ඇත්තටම බොරුවක්. එහෙම කිසිම තැනක කියලා තිබුණේ නෑ. ඒත් එක්තරා පත්තරයක එහෙම ගිහිල්ලා තිබුණා. ජීවිතේ කිසිම දවසක මම කිසිම දෙයක් ගැන කලකිරිලා නෑ. එහෙම කිව්වොත් ඒක ලොකු විහිළුවක්. මම දවස ගානේ සතුටින් ගත කරන කෙනෙක්. ජීවිතේට මොන ප්‍රශ්න ආවත් මම ඒවාට හොඳින් මූණ දෙනවා.

ඇත්ත කියන්න තාත්තා අම්මිට දක්වපු ආදරය තාත්තා තව කෙනෙකුට දක්වද්දී දුකක් දැනුණේ නැද්ද?

තාත්තා කියන්නේ අම්මිගේ ජීවිතේ. අම්මිටත්  තාත්තටත් නිදහස තියෙනවා ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න. මගේ ජීවිතේත් නිදහස තියෙනවා ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න. මල්ලිගේ ජීවිතෙත් එහෙමයි. අපේ හැමෝගෙම ජීවිතේ ඕනෑම කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියෙනවා. ඒවාට අපි තහංචි දාගෙන නෑ.

ආදරවන්තයින්ගේ දිනයත් පහු වුණානේ. මේ වෙනකොට කවින්ද්‍යා ආදරවන්තියක් නේද?

ඔව්. මම ආදරවන්තියක් තමයි. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක්. දැන්ම ඒ දේවල් කියන්න කාලය වැඩියි. ඉදිරියේදී ඒ හැම දෙයක්ම කියන්නම්. මට මගේ අම්මා වගේම ආදරයක්, ආරක්ෂාවක් එයාගෙන් ලැඛෙනවා.

කවින්ද්‍යා විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද?

ඇත්තම කිව්වොත් විලාසිතා ගැන මම වැඩිය හිතන කෙනෙක් නෙවේ. මම එහෙම මේක්අප් ගැන වුණත් හිතන්නේ නෑ. ඇඳුම් තෝරද්දී වුණත් අම්මි තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ.

මල්ලි සහ ඔයා අතර තියෙන බැඳීම කොහොමද?

මල්ලි මට වඩා අවුරුදු හයක් බාලයි. මගේ මල්ලී තමයි මේ ලෝකේ ඉන්න හොඳම හොඳ මල්ලී. මට අම්මිගෙන් ලැඛෙන ලොකුම ආදරේ එක්කම මල්ලිගෙනුත් ඒ හා සමානව ලොකුම ලොකු ආදරයක් ලැඛෙනවා. අම්මිටයි මටයි දෙන්නටම මගේ මල්ලී ලොකු හයියක්.

අම්මිගෙයි තාත්තගෙයි ජීවිත දිහා බලලා ඔයා ඉගෙනගත්තු පාඩම් මොනවද?

ජීවිතේ අපි හිතන්නේ නැති වෙලාවක බොහෝ දේවල් වෙන්න පුළුවන්. ඒ දෙන්නගේ ජීවිතෙත් සහ වර්තමාන සමාජයෙත් මම ඉගෙන ගත්තු ලොකුම දේ තමයි ඉවසීම.

මොකක්ද ඊළඟ ඉලක්කය?

මගේ ලොකුම ඉලක්කය තමයි ජාත්‍යන්තර සංගීතවේදි‚යක් වෙන්න. ඒකට තව මට ගොඩාක් ඉගෙන ගනන තියෙනවා. තාම මම ඒ ජීවිතේට මුල් අඩි තියමිනුයි පවතින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.