Feb 15

දිලිනි විදෙස් ප්‍රසංගවලට අරගෙන යන්න බෑ කියන්නේ අල්ලගන්නත් අමාරුයිලු

දිලිනිව අල්ලගන්නත් අමාරුයිනේ?

මේ දවස්වල සිකුරුලන්තේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. සුගත් තිලකරත්නගේ වේදිකා නාට්‍ය කිහිපයක වැඩ පටන් ගත්තා. දෙබිඩි බේ‍රා් වේදිකා නාට්‍යයේත් පුහුණුවීම් කරනවා. මේ වැඩ කටයුතු නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.


හැබැයි දිලිනි කියන්නේ නිතර නිතර පේන්න ඉන්න කෙනෙක් නෙවෙයිනේ?

සාමාන්‍යයෙන් මම නිර්මාණ තෝරා ගනිද්දි මට ගැළපෙනවද කියලා මුලින්ම බලනවා. මට නිතර පේන්න නෙවෙයි ඕන. ලැබෙනවා කියලා ගොඩක් වැඩ මට ඇවිත් නැහැ. ලැබෙන වැඩත් මට ගැළපෙනවා නම් විතරයි භාර ගන්නේ. මම කරපු නිර්මාණ අටක් විතර ඉදිරියට විකාශය වෙන්නත් තියෙනවා.

මේ දවස්වල දිලිනි සුගලා දේවි නාට්‍යයෙන් වෙනස් විදියට දකින්න ලැබෙනවා. ඒ ගැනත් කියමු?

සුගලා දේවි කැලුම්ගේ අධ්‍යක්ෂණයක්. පරාක්‍රමබාහු රජුගේ බිරිය වුන රූපාවති දේවියගේ චරිතය තමයි මම කරන්නේ. මම රජ කතාවලට දායක වුණේ ගොඩාක් අඩුවෙන්. මේක මට හොඳ අත්දැකීමක් වුණා.

දිලිනි පුංචි තිරයට, වේදිකාවට විතරක් සීමාවෙලා නේද?

සීමාවක් නෙවෙයි. අවුරුදු 6කට විතර පස්සෙ තමයි වේදිකා නාට්‍යයකටත් මම සම්බන්ධ වුණේ. ටෙලි නාට්‍යවලට නිතර සම්බන්ධ වුණා. ඒත් සිනමාවට කතා කළත් හොඳ චරිත ලැබුණෙ නැති නිසා ඒ නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. මාත් කැමැතියි සිනමාවට සම්බන්ධ වෙන්න. අවස්ථාවක් ලැබුණොත් මම ඒ රංගනයට උපරිම දායකත්වය දෙනවා.

අවුරුදු හයක දීර්ඝ නිහැඩියාවකින් පස්සේ වේදිකාවට සම්බන්ධ වෙන්න හිතුණේ?

'සිහිනවලට පාට දෙන්න' කියන වේදිකා නාට්‍යයෙන් 2010 රාජ්‍ය සම්මාන උළෙලේදීත් මම හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. ඒත් ඊට පස්සේ මම කොළඹින් ටිකක් එහා පදිංචි වෙලා හිටිය නිසා නිතර වැඩවලට එන්න අපහසු වුණා. ඒ නිසා ඒ වැඩකටයුතුවලට සමුදුන්නත් දැන් ආයෙත් කොළඹට ඇවිත් ඉන්න නිසා ඉදිරියට වේදිකා නාට්‍ය කීපයකටම සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ.

කලාකරුවන් එකට එකතු වන තැන්වල දිලිනි දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ ඇයි?

මම එවැනි දේවල්වලට සහභාගි වෙනවා නම් අඩුයි. ඒත් ඒවට නොයනවම නෙවෙයි. වෙලාවක් තිබුණොත් යනවා.

දිලිනිගේ පරම්පරාවේ ශිල්පීන්, ශිල්පිනියන් පෝලිමට විවාහ වෙනවා. දිලිනි එවැනි තීරණයක් අරගෙන නැද්ද?

විවාහයට මම ඉක්මන් වෙන්නෙ නැහැ. විවාහයට අපි ඉක්මන් වෙන්න ඕනෙත් නැහැ. පරක්කු වෙන්නත් හොඳ නැහැ. තාම මම ඒකට සූදානමක් නැහැ. මේ අවුරුද්දෙ මම භාර ගත්ත වැඩත් තියෙන නිසා කාර්යබහුලයි. විවාහයට විවේකයක් තියෙන්නත් ඕනනේ. ඉතින් ඒකත් නිසි වෙලාවට සිද්ධ වෙයි.

දිලිනි ආදරෙන් පැරැදුණු අවස්ථා තියෙනවා නේද?

ආදර සබඳතා නැති වුණු අවස්ථා තියෙනවා. ඒත් ඒවා නැතිවුණේ නෙැගැළපීම් තිබුණු නිසා. විවාහ වෙලා දුක් විඳිනවට වඩා කලින්ම තේරුම් අරගෙන අයින් වෙන එක හොඳයි. නැත්නම් ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නත් අමාරුයි. ගැළපෙන්නෙ නැත්නම් හොඳම දේ ඒ සම්බන්ධයෙන් අයින් වීම.

ගත්ත තීරණ ගැන දුක්වෙලාම නැද්ද?

නැහැ. හොඳම දේ නොගැළපීම් තියෙනවා නම් අෑත් වන එක තමයි. අනිත් එක මම ජීවිතේ දෙයක් අතහැරියොත් ඒ ගැන පසුතැවෙන්නෙ නැහැ. මම ගත්ත තීරණ වැරැදි නැහැ.

ආදරෙන් පැරැදුණු නිසාද විවාහයට මේ තරම් පරක්කු වෙන්නේ?

ඒ නිසා නම් නෙවෙයි. මම මේ ටිකේ ටිකක් කාර්යබහුලයි. විවාහය ගැන හිතන්න ඕන. ඒක ඉදිරියේදී සිද්ධ වෙයි.

කාලයක් දිලිනි විදෙස් ප්‍රසංගවලට නිතරම සහභාගි වුණා. දැන් විදේශ ප්‍රසංගවලට සහභාගි නොවෙන්න විශේෂ හේතුවක් තියෙනවා කියන්නේ ඇත්තද?

ප්‍රසංග සංවිධාන කරන විදියට තමයි සහභාගි වෙන්නේ. ප්‍රසංග හැමදාමත් නෑනේ. ඒවා සංවිධානය වෙන විදියට සහභාගි වෙනවා. විදෙස් රටවල නිවාඩු කාලෙටනේ ප්‍රසංග තියෙන්නේ. ඒවාට ආරාධනා කළාම විතරයි යන්නේ. නැතිව වෙන විශේෂ හේතුවක් නැහැ.

ශාලිකා රංගනි සමරදිවාකර
මුලාශ්‍ර - මව්බ්ම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.