Jan 06

රථ වාහන දඩ මුදල් වෙනස් වෙයි අලුත් දඩ පත්‍රිකාව සූදානම්



සංශෝධනය කරන ලද රථ වාහන වැරදි සඳහා වන දඩ පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර අවසන් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ එම කෙටුම්පත පෞද්ගලික බස් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අදාළ මණ්ඩලය ලබන 09 වනදා රැස්වීමට නියමිතය.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා,  රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් අංශයේ නිලධාරියෙකුගෙන් අදාළ මණ්ඩලය සමන්විත වෙයි.

එම මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කරන ලද සංශෝධිත දඩ පත්‍රිකාව පෞද්ගලික බස් හා ත්‍රිරෝද රථ සංගම් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසී ය.

අදාළ සංගම්වල මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට  ගනිමින් සංශෝධිත දඩ පත්‍රිකා කෙටුම්පත සකස් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති විශේෂ උත්සවයකදී සඳහන් කළේ රථවාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ සම්බන්ධව මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා දඩය ක්‍රියාත්මක කරන බවද එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන් පොලිස්‌පතිවරයා හුදෙක්‌ වැරදි කරන අයට මෙම දඩ මුදල ක්‍රියාත්මක කරන බවද නීතිගරුක පිරිසට ඉන් කිසිදු කරදරයක්‌ නොවන බවද කියා සිටියේය.

රථවාහන වැරදි කරන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස්‌ නිලධාරීන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.