Jan 27

ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම 2019දී

2019 වසර වන විට රුපියල් බිලියන 586 ක් ණය සහ වාරික වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, එය නිදහස් ශ්‍රී ලංකාවේ එක් වසරක් තුළ ගෙවිය යුතු වැඩිම ණය ආපසු ගෙවීම ලෙසත් සැලකෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ලංකාවේ සමස්ත ණය බරතාවට 2005 වසරේ සිට 2014 දක්වා 233% කින් ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් අමාත්‍යාංශය මේ අදහස් පළ කර සිටියි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට 2014 වනවිට මෙම ණයබරතාව රුපියල් බිලියන 7391 දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී විශේෂයෙන්ම 2005 වන විට රුපියල් බිලියන 2222 ක්ව පැවැති ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරතාවය වසර 5 කින් එනම් 2010 දී රුපියල් බිලියන 4590ක් ලෙසද සටහන් වූ බව අමාත්‍යාංශයේ අදහසයි.

මේ තත්ත්වයත් සමගම ශ්‍රී ලංකාව විදේශීය රටවලට ගෙවිය යුතු ණය වාරික සහ පොලිය වසරින් වසර වැඩිවෙමින් පවතියි. ඒ යටතේ 2016 දී විදේශ රටවලට රුපියල් බිලියන 269 ක මුදලක් ගෙවනු ලැබූ බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය 2019 වසර වනවිට එම ණය ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී රුපියල් බිලියන 586ක් ණය සහ වාරික වශයෙන් ගෙවීමට සිදුවනු ඇති බවද පවසා සිටියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.