Jan
18
අන්තර්ජාල තුල ලොකු කතාවක් යයි සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තමන් දරනු ලබන නිවාස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කියා සිටි බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කරයි.
ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන හයන මුදලක් ඉවත් කර පලනී දිගම්බරම් සහ ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවලට ලබාදීමට විරෝධය පල කරමින් මෙම තීරණය ඇමතිවරයා විසින් ගන්නා බව දන්වා ඇත.
ඇමති පේ‍්‍රමදාස තව දුරටත් සදහන් කර ඇත්තේ මෙම ගැටළුව විසදීමට ඇති එකම ක‍්‍රමය වන්නේ රුපියල් මිලියන 6000ක මුදල් ප්‍රතිපාදන ආපසු තම අමාත්‍යංශයට ලබාදීමට නියෝග කිරීමෙන් පමණක් නිසා එසේ සිදු කරන ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා එසේ නොකරන්නේ නම් මීළඟ කැබිනට් හමුවට පෙර තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.