Jan
29
රියලිටි වැඩසටහන්වලට අමීෂා සම්බන්ධ වෙන්නේ නැද්ද?
ඇත්තටම මටත් ආරධනා ලැබුණා. නමුත් පහුගිය දවස් ටිකේ මං ටිකක් අසනීපෙන් හිටියේ. අනිත් කාරණාව මං භාර අරන් තියෙන වැඩ ටිකත් එක්‌ක දින ප්‍රශ්නයක් තිබුණා. මොකද රියෑලිටි වැඩසටහනට ඔවුන් ඉල්ලූවේ අප්‍රේල් වෙනකන් දින. ඒකත් මට ගැටලූවක් වුණා.
ඒ කියන්නේ එහෙම නොවුණා නං භාර ගන්නවද?
ම් එහෙමමත් කියන්නත් බෑ. මොකද මං පෞද්ගලිකව කැමතියි වේදිකාවේ නර්තනයන් කරලා මගේ දක්‌ෂතා පෙන්නනවට වැඩිය නිර්මාණයකට දායකවෙලා මගේ දක්‌ෂතා පෙන්නන්න. අනික දැන් දැන් ක්‌ෂේත්‍රයේ යාළුවො ඒ ගැන කතාවෙන දේවල් ඇහුවම හිතෙනවා මං කලින්ම ගත්ත තීරණය හරි කියලා. මොකද දැන් එයාලටත් වැඩත් එක්‌ක දින ප්‍රශ්න එහෙම ඇවිල්ලා. ඒ නිසා මට හිතෙනවා මං ඉදිරියටත් ඒ ආරාධනාව නං භාරගන්න එකක් නෑ කියලා.
පහුගිය කාලයේ ඔබ මෙගා ටෙලි නාට්‍යවල දක්‌නට ලැබුණා. දැන් නැහැ නේද? ඇයි මෙගා එපා වුණාද?
ඔව්... ටෙලි නාට්‍ය තුන හතරයි කළේ. ඒ ඔක්‌කොම වගේ මෙගා. ඉතිං කොටස් දෙතුන් සීය කරන්න ගියාම එපා වෙනවා. අනික කතාව පටන් ගන්න විදිහට නෙමෙයි. ඉතිං මං හිතුවා ආයේ මෙගා නාට්‍යවලට දායක වෙන්නේ නැහැ කියලා. මං භාරගත්ත සඳමලි නාට්‍ය වැඩිම වුණොත් කොටස් 75 යි.
වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට ඒක ඔබට ගැටලූවක් නෙමෙයිද?
සල්ලි ඕන තමයි. ඒත් ජීවිතේම සල්ලි නෙමෙයිනේ නේද? ආත්ම තෘප්තියක් නැතුව කරලා වැඩක් නැහැනේ.
ඔබ රඟපෑ චිත්‍රපට නවයයි. නවයේම ඔබේ සැමියා අර්ජුන් ඉන්නවා. ඔහු ප්‍රධාන චරිතයට ඉන්නවා නං පමණ ද ඔබ නිර්මාණ භාර ගන්නේ?
එහෙම එකක් නැහැ. මං කවදාවත් එහෙම තීරණයක නැහැ. නමුත් ඔහුට ප්‍රධාන චරිතයට ආරාධනා ලැඛෙන චිත්‍රපටවලට මටත් ආරධනා ලැබුණා. එහෙම නැතුව ඔහු කවදාවත් ඔහු ඉන්න චිත්‍රපටයකට මාව ගන්න කියල කියලා නැහැ. ඒ වගේම මං කවදාවත් මං ඉන්න චිත්‍රපටයකට ඔහුව ගන්න කියලා යෝජනා කරලත් නැහැ.
කොහොම ද wedding එකේ වැඩ?
wedding එකට අමතරව දැන්මම වෙන ව්‍යාපාරයක් පටන් ගන්න ඇත්තටම දැන්මම අදහසක් නැහැ. මමත්, අර්ජුනත්, ඩිලාන් ගුණවර්ධනත් එකතුවෙලා තමයි කඩවත තියෙන කුල්නෙත් ස්‌ටුඩියෝ එකේ වැඩ කරගෙන යන්නේ. ඉන්දියාවේ යන්නේ නැතුව හොඳ චිත්‍රපටයක හැමදේම කරගන්න පුළුවන්කම තියෙනවා මෙහිදී. අපේ චිත්‍රපටවල වගේම වෙනත් අධ්‍යක්‌ෂවරුන්ගේ චිත්‍රපටවල වැඩත්, ඇාාසබටි කරනවා. මේක තමයි දැනට අපේ ව්‍යාපාරය.
පහුගිය කාලයේ ඔබේ විවාහය සිද්ධ වුණත් ඒ ගැන වැඩි කතා බහක් නැහැ.....
ඇාාසබට එක ගන්න අවුරුදු ගාණකට කලින් ඉඳන් අපි එකට ජීවත් වුණා. ඉතිං ඒක නිසා විවාහය කියන කාරණාව ගෙදර අයගේ පමණක් සහභාගිත්වයෙන් සිද්ධ කළා. අනික් අතට ඒ වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කළා නම් මට අද චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන එක ටිකක් අමාරු වෙන්න තිබුණා. ඉදිරියට චිත්‍රපට කරන එක ගැනත් හිතලා, ගෙයක් හදන එක ගැනත් හිතලා, අපේ කැමැත්තත් හිතලා ඒ කටයුතු වැඩි සද්දයක් නැතුව සිදු කළා. අනුග්‍රාහකයන් වුණත් කතා කරලා මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කිව්වා. නමුත් අපි දෙන්නගේ කැමැත්ත වුණේ චාම් ව්දිහට ඒ කටයුතු කරන්න. අනික ඉතිං අපි එකට ජීවත් වුණා සහ විවාහ වෙන්න ඉන්නේ කියලා හැමෝම දන්නවා, ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තිබුණේ නැහැ. ඉතිං එතකොට ලොකු උත්සව අරගෙන හැමෝටම කියලා කරන්න හේතුවක් වුණේ නැහැ.
යුගන්ති යශෝදරා