Jan 26

ජීවිතයේ පුංචිම තැන ඉදලා දුක දිනා ලංකාව දිනූ ගායකයා

සුපර්ස්ටාර් ආවෙත් මගේ
අයියා දාපු ඇප්ලිකේෂන් එකෙන්

ආයුබෝවන් මංජුල කාලෙකින් කොහොමද ? ඉතිං අළුත් වැඩක් කරා කියලා අාරංචි උනා..

ඔව් මෙහමයි මගේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ‍මේ ඉටු  උනා කිව්වොත් නිවරදි මේක තිබ්බ හීනයක් මේ කාලේ  හැටියට නම් තාත්තා ගැන සිංදුවක් කරනවා කියන්නේ  නම් රැල්ලට  යනව නෙවෙයිනේ මේ ලෝකේ ඕනෑම කෙනක්ට ‍ තාත්ත කියන්නේ වටිනාම සම්පත ඒ නිසා ලංකාවේ අංක එකටම දෙවියන් දුටිමි මා මගේ අළුත් සිංදුව එනවා කියන එක විස්වාසයි.

අපි ඔබේ මේ තාක් පැමිණි ගමන ගැන කථා කරමුද ? දශකයකට අධික කාලයක් වෙනවා ඔබ දැන් මේ  ක්ෂේත්‍රයට ඇවිල්ලා ..

ඔව් හරියටම කියනවා නම් අවුරුදු 12 ක් වෙනවා මගේ ගමන ගැන කියනවා නම් මට සංගීතයට හෝ

ගායනයට පවුල් පසුබිමක් තිබ්බ කෙනෙක් නෙවෙයි . කොහාමද කියලා ඒ ගැන කියනවා නම් කටුමැටි ගහපු බිත්ති ගොමමැටි ගාපු පොළව . අපේ පවුල හරි ම දුප්පත් පවුලක් බොහෝ අඩුලුහුඩුකම් මැද්දේ අපි ජීවිතය ගත කලේ මගේ තාත්තා ගම කෑගල්ලේ. තාත්තා කුරුණෑගල පොල්වත්තක් බලාගත්තා මම පොඩිකාලේ හිටියේ කුරුණැගල .

මගේ පවුලේ අයියලා දෙන්නයි අක්කයි මමයි ඔක්කොම අපි ඉතාමත් සාමාන්‍ය ජිවිතයකට හුරු උන මිනිස්සු මගේ අක්කයි අයියලයි ඒ කාලේ හිටියේ පොළොන්නරුවේ මොකද අම්මගේ ගම පොළොන්නරුව කුරුණැගල හිටියේ  අම්මයි තාත්තායි මමයි කුරුණැගල අපි හිටියා මම තුන වසරට යනකම්ම ඊට පස්සේ අපි අම්මගේ ගමට පොළොන්නරුවට ගියා . හරියටම කියනවා නම් ඒ කාලේ මේ අද ඉන්න තත්වය ගැන හිතුවේවත් නෑ මොකද අපිට එහෙම හිතන්න තියා කල්පනා කරන්නවත් බෑ  , ඇත්තම කියනවා නම් අපි හිතුවේ නෑ අනාගතයක් ගැන කල්පනා කරේ තියන දෙයක් කරගෙන වෙන දෙයක් බලාගෙන පාඩුවේ ඉන්නවා කියලා.

ඔබ කියන්නේ අද ඉන්න මේ තැන ගැන හිතුවෙම නැද්ද ? මේ තරගයට එන්න කලින් කිසිම ගායනයට සම්බන්ධ උනේම නැද්ද ?
       

හැකියාවක් තිබ්බට කවදාවත් එලියට අරන් වැඩක් වෙයි කියලා හිතුවේම නෑ , මොකද ඒ සමාජ තත්වය උඩ ඒ ගැන හිත්නවත් බෑ , කොහොමත්ම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න නම් බෑ . ඇත්තම කියනවා  මට සිංදු කියන්න පුළුවන් කියලා මගේ පවුලේ අය ඇරුනාම මගේ අල්ලපු ගෙදර මිනිස්සුවත් දන්නේ නෑ.

එතකොට මංජුල පුෂ්පකුමාර කියන්නේ ඒ කාලේ පොළොන්නරුවේ කිසිම කෙනෙක් ලංකාවේ නමක්

ලංකාවේ නමක් තියන ගායකයෙක් වෙයි කියලා හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්..  ඔබ සුපර්ස්ටාර් තරගයට එක්විමත් එක්තරා දෛවපෝගත සිදුවිමක් නේද ?

ඔව් මට අවරුදු 21 වෙනකම් මම කිසිම සංගිත කණ්ඩායමකවත් සිංදු කියලා නෑ සාමාන්‍යෙයන් සුපර්ස්ටාර්

එන ඕනෑම කෙනෙක් අඩුම තරමින් සංගීත කණ්ඩායමක හරි සිංදු කියලා තියනවාගේ ඒත් මම තරගයට සභාගිවෙනකම් සිංදු කියලා නෑ . හැබැයි මම සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කරා හැබැයි ඒත් සිංදු
කිව්වේ නෑ. ස්ටේජ්වල සිංදු කියන්න මම කැමති උනේ නෑ , හැබැයි මට හැකියාවක් තිබ්බ ඒ ගැන මම විස්වාසයෙන් හිටියේ.. සුපර්ස්ටාර් ආවෙත් මගේ අයියා දාපු ඇප්ලිකේෂන් එකෙන්.

අයියටත් සිංදු කියන්න පුළුවන් එයා දැනගෙන හිටියේ මට හොදට සිංදු කියන්න පුළුවන් කියලා එයා කිව්වේ ඔයා යන්න දිනන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තම කිව්වොත් මම තරගයට බැහැලා නම් වැඩ කරේම නෑ අන්තිම කාලේ වෙනකම් මොකද සමාජයේ අත්දැකීම් නෑ හිටපු තත්වයත් එක්ක කොළඹට ඇවිල්ලා මේ තරගයට මුහුණ දෙනවා කියන එක ජීවිතයට වෙනස්ම අත්දැකීමක්.

තව දෙයක් මංජුල අර ගමේ ඉදලා කොළඹට ඇවිල්ලා තරගයට යන විදිය ගැනත් සුන්දර මතතයක් තියනනවා නේද ?

ඒක මෙහෙමයි අපි පොළොන්නරුවෙන් රෑ 10 විතර නැග්ගාම පිටකොටුවෙන් බහිනකොට එලිවෙනවා

එතකොට ඔයේ පිටකොටුවේ තියනවා නාන තැනක් එතනින් නාලා තමයි තරගයට යන්නේ ඒක නම්

කවදාවත් අමතක වෙන්නේ නෑ . මම මේ ලගදිත් එතනට ගියා ගිහිල්ලා ඒ අයට කථා කරලා ආවා හරිම අහිංසක සුන්දර මිනිස්සු අපි වගේම මට පුළුවන් වෙලාවට ගිහින් කථාබහ කරලා එනවා මොකද මට කවදාවත් මුල අමතක නෑ.

දැන් ඔබ සිංදු කීයක් වගේ කරලා තියනවාද මේ කාලයට ? මොකක්ද වැඩිපුරම කැමතිම සිංදුව ? ඒ ගැනත් කිව්වොත් අපිට මගේ දැන් සිංදු තියනවා 23 ක් වගේ . මම කැමති හිත හදාගන්න පුළුවන් සිංදුවට අයේ තෙරුවන් සරණයි

කියන ගීත දෙකටම තමයි මේ සිංදුව තමයි වැඩිම කැමැත්ත තාත්තා ගැන කියන අළුත් සිංදුවට මොකද මේක මගේ බලාපොරාත්තුවක්..


දෙවියන් දුටුවෙමි මේ සිංදුව ඔබේ ලොකු බලාපොරොත්තුවක් කිව්වා ඒක හැදුනේ ලොකු සැලසුමකින්ද ?

මෙහෙමයි මගේ තාත්තා නැති උනේ 2000 අවුරුද්දේ . තාත්තා නැතිවෙලා හුග කාලෙකින් තමයි මම

සුපර්ස්ටාර් ආවේ ඉතිං ඒ කාලේ තාත්තා ලග හිටියනම්  කියලා හිතුනවාර අනන්තයි අනික් එක තමයි

තාත්තාට හොදට සිංදු කියන්න පුළුවන් හැබැයි තාත්තා ලොකුවට සද්දෙන් සිංදු කියන්නේ නෑ එයා  ලැජ්ජයි හොරෙන් තමයි සිංදු කියන්නේ හැබැයි නියම තාලයට සිංදු කියනවා මට මේ හැකියාව ලැබුනෙත් තාත්තාගෙන්ම තමයි ඒ නිසා තමයි මම මේ සිංදුව කරේ මොකද අද තාත්තා හිටියනම් හුගක් සතුටුවෙයිනේ

මේ සිංදුව හැදුන විදිය කිව්වා නම් ? දැන් කාලයට මේ සිංදුව ගැලෙපයිද ?

මේ සිංදුවේ පද රචනය සහ සංගීතය කරේ චතුර වනිගසේකර . චතුර කියන්නේ කාලයක් තිස්සේම අපි එකට ඉන්න  මගේ සහෘදයෙක් මම චතුරට කිව්වා මට මගේ ජීවිතයට සමීප සිංදුවක් කරන්න ඕනෑ කියලා චතුර මට මේ සිංදුව ලියලා දීපු ගමන්ම මම මේ සිංදුවට කැමති උනා  මම හිතනවා අනික් සිංදුවලට වඩා මගේ ජීවිතට හුගක්ම සමීප සිංදුවක් වෙයි කියලා මේක.

ක්ෂෙත්‍රය ගැන කියනවා නම් දැන් මේ ක්ෂත්‍රෙය් තියෙන්නේ කෙල්ලට වදින සිංදුනේ මමත් එහෙම සිංදු කරා මමත් දැන් නම් දුක්වෙනවා එහෙම කරපු එක ගැන. දැන් බලන්න අද ඉන්න සමහර අය සිංදුවක් දෙකක් කරලා බලෙන් චරිත වෙනව තාක්ෂණයට පින්සිද්ද වෙන්න සල්ලි විසිකරලා බලෙන් ප්‍රසිද්ධිය ගන්නවා අපි තාම පොඩි මේ ක්ෂෙත්‍රෙය් මම මේකට ඇවිල්ලා තාම අවුරුදු 12 යි අපි අපේ ප්‍රවීණත්වය හදාගන්න තව කොච්චර දෙවල් කරන්න ඕනෑද  රසිකයන්ට හිතට දැනෙන දෙයක් කරන්න නම් ආදර්ශවත් නිර්මාණයක් කරන්න ඕනෑ ඒක බලෙන් කවන්න ඕනෑ නෑ.. අත්දැකීමක් නැති අය නිසා තමයි මේ විනාශය . මේ නිර්මාණය උඩුගං බලා යෑමක් මේ සිංදුව.

මේ නිර්මාණයේ සාර්ථකත්වය  ගැන කියනවා නම් ?

මට ලොකුම ශක්තියක් උනේ මගේ බිරිද ඇය තමයි මගේ සෙවනැල්ල
ඒ වගේම ලොකුම ගෞරවයක් දෙන්න ඕනැ චතුර වනිගසේකරට , භාතිය සන්තුෂ් මට ලොකු සහයෝගයක් දුන්නා ඒ වගේම හසිත මල්ලිගේ වීඩියෝ ටීම් එක තව බොහෝ පිරිසක් ඉන්නවා ඔක්කොම මතක නෑ ඒ වගේම කඩුවෙල අපි මේක රූපගත කරේ ඒ ගමේ මිනිස්සු අපිට හුගක් උදව් කරා ඒ ගැන කියන්නම් ඕනෑ.. හැමෝටම ආරාධනා කරනවා මේ සිංදුව අහන්න බලන්න කියලා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.